ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීමක් හෙට
මහ මැතිවරවරණයේදී කලුතර, නුවරඑළිය, වන්නිය හා යාපනය දිස්ත්‍රික්ක හතරට තරග කිරීමටත් ඉතිරි දිස්ත්‍රික්ක සඳහා සන්ධානයෙන් තරග කරන්නේද නැද්ද යන්න හෙට (17) දහවල් පැවැත්වෙන දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීන්දු කිරීමටත් අද (16) පැවැති දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීන්දු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අද (16) ලංකාදීපයට පැවසීය.