කොරෝනා වයිරසය ආසාදිත තවත් ශ්‍රී ලාංකික පුද්ගලයින් හය දෙනෙකු පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.
ආසාදිතයින් සියලුම දෙනා පිරිමි පුද්ගලයින් වන බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
රෝගය ආසාදනය වූ එක් අයෙකු පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවත් හතර දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් බවත් අනෙක් පුද්ගලයා කේරළයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීය.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 28 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් අර රජයේ වෛද්‍ය සංගමයේ ඉදිරිපත් කරපු යෝජනා ටික ක්‍රියාත්මක කරන්න , ඉතාලියේ සිට පැමිණි නිරෝධයනයට අසු නොවූ පුද්ගලයන් වැඩි පිරිසක් සිටින ප්‍රදේශ තාවකාලිකව වසා දමා පැමිණි රෝගීන් පරික්ෂා කරන්න.
ආණ්ඩුව තාම කාල් ගගා ඉන්නවා. ලංකාව දැන් ඉන්නේ කොරෝන අදියර 3 කියන තැන. අදියර 1 ඉඳන් අදියර 3ට වැටුන එකපාරට. අදියර 1 තනි පුද්ගලයන්ට කොරෝන වැළඳීම. අදියර 2 ඔවුන් ඉන්ටරැක්ට් කල පුද්ගලයන්ට වැළඳීම. අදියර 3 මහජනයාට වැළඳීම. අදියර 4 වසංගතයක් ලෙස පැතිරීම. කලිනුත් ලිව්වා මේක. රස්නේ තියෙනකම් පැතිරීම අඩුයි. නමුත් වැස්ස පටන් ගත්තහම වසංගතයක් ලෙස පැතිරීම නවත්තන්න අමාරුයි. ඒ නිසා සියලු ආයතන සහ ගුවන් තොටුපොල වහල වසංගත තත්වෙට යන එක වලක්වන්න ඕනේ. සමහර රටවල මේක පැතිරීම කොච්චරද කිව්වොත් රෝහල් වලට ගන්නේ නෑ. මුල් දවස් 7 ගෙදර ඉඳල අමාරු වුනොත් විතරක් රෝහලට එන්න කියනව. ධනවත් රටවලුත් එහෙම කරන්නේ එකපාර විශාල සංඛ්‍යාවකට වැළඳුනහම මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්න ඒ රටවලට යටිතල පහසුකම් නැති නිසා. විශ්වාස නොකලත් ඇමරිකාවේත් තත්වේ එකයි. සේවකයන්ට පඩි ගෙවන්න පුළුවන් විදිහට ආණ්ඩුව බිස්නස් රිලිෆ් පැකේජ් එකක් ඉක්මනට හඳුන්වා දීල ආහාර භාණ්ඩ හල් සහ ෆාමසි හැර අනිත් සියල්ල ආපනශාලද ඇතුළුව වහාම වහලා දාන්න ඕනේ කල් මරන්නේ නැතුව.
සති 3 කට සියලුම දෙන නිවෙස් වලම සිටින විදියේ වැඩ පිළිවෙලක් සකස් කර මෙම රෝගයෙන් බේරෙන්න බැරිද.?
මෙය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීමට පෙර සියලු ස්ථාන වසාදමා ජනයා එක්රැස්වීම වැලක්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යයි. වැලක්වීමට ගන්න සියලු ක්‍රියාමාර්ග වලට සහය දෙමු.
සති 3ක් මේ මනුස්සයින්ව සිය නිවෙස්වල රඳවලා.. මේ මනුස්සයින්ට කන්න බොන්න දෙන්නේ.. මොනවද?