(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිවසෙහි නාන කාමරය තුළදී අලුත උපන් බිලිඳාට පිහියෙන් ඇණ හොරණ මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්ව සිටි 21 හැවිරිදි අවිවාහක තරුණියක් අද (16) අත්අඩංගුවට ගත්බව බණ්ඩාරගම පොලිසිය කීය.
එම බිලිඳාගේ මළ සිරුර හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇතැයි පොලිසිය කියයි.
බණ්ඩාරගම වල්ගම කොස්හේන ප්‍රදේශයේ පදිංචි තරුණියක් අධික ලේ වහනය වීමේ රෝගී තත්ත්වයකින් හොරණ මූලික රෝහලට ඇතුළත් වීමෙන් පසු වෛද්‍යවරයෙකු කරන ලද පරීක්ෂාවේදී ඇය දරුවෙකු ප්‍රසූත කර ඇති බවට අනාවරණය වීමෙන් පසු හොරණ මූලික රෝහලේ පොලිස් මුරපොලේ නිලධාරීන් බණ්ඩාරගම පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව විමර්ශන ආරම්භ කළ බව බණ්ඩාරගම පොලිසිය පැවසීය.
හොරණ මූලික රෝහලට එම තරුණිය මව සමඟ පැමිණ ඇති අතර තරුණියගෙන් බිලිඳා පිළිබඳ විමසීමේදී බිළිඳාගේ සිරුර නාන කාමරය තුළ තිබෙන බව පවසා තිබේ.
පසුව රෝහලට රැගෙන එන ලද බිලිඳා ඒ වන විටත් මියගොස් සිට බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
බිලිඳා නාන කාමරය තුළ ප්‍රසූත කිරීමෙන් පසු තරුණිය පිහියකින් පෙකණිවැල වෙන්කර අනතුරුව බිළිඳාට පිහියෙන් ඇති බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කණගාටුදායක තත්වයක්... අප සමාජය කොතරම් පිරිහී ඇද්ද..? රැවටීම, අකමැත්තෙන් හෝ තිරිසන් පිරිමියෙකුගේ බහක් නිසා මෙය සිදුවුණි නම් මොනතරම් අවාසනාවක්ද? ඒ වටිනා වස්තුව අවසානයේ ලක්මවට අහිමිවිය.
අනේ අපේ සමාජයේ හැටි... අපි කොහෙටද මේ ගමන් කරන්නේ..? මේ තරුණියගේ අම්මාටවත් මොලයක් හෝ හදවතක් කියලා දෙයක් පිහිටලා තිබුණේ නැද්ද..?
හරිම කණගාටුදායකයි . මෙහෙම දේවල් අහන්ඩ සිද්ද උනේ මොන කරුමෙකටද?
අමරදේව මහත්මා ගායනා කල ඉතාම පැරණි පහත සදහන් ගීතය මතකයට නැගෙනවා.. " චන්දෝ මා බිලිදෙ නුබ නාඩන්..ඉම්දෝ කුමලක නිරිදුට .."
මේවාට ක්‍රමයක් හදන්න කියලා රජයෙන් මම රජයෙන් ඉල්ලා සිටිනවා, රහසිගත විදියට ළමයා හදාගන්න පුළුවන් කෙනෙකුට දෙන ක්‍රමයක්, ළමයි නැති අය නම් කොච්චර ඉන්නවද. මාසෙකට පොඩිළමයි කීයක් නම් මෙහෙම මරලා දානවද, මේවා මහා තිරිසන් වැඩ...
ලංකාවේ විවාහයකින් තොර දරුවෙක් බිහිකළ විට මුළු සමාජයම වගේ ඒ කෙනාව හෙළා දකිනවා. ඒ විතරක් නොවේ එසේ ලැබෙන දරුවෙක් දරුවන් නැති කෙනකුට ලබාගැනීමට පහසුක්‍රමයක් ඇත්තෙත් නැහැ. එම මවට කිසිසිම සරණක් නැති නිසයි මෙය සිදුවුනෙ. මේ රටේ දරුවන් ඉපදුන මව්වරුන්ට සලකන්නෙ බොහොම කරුණාවෙන්.
තිරිසන්නු මීට වඩා හොඳයි.
ධර්මඃ ද්වීපය.
ඉතාම දුක්ඛිත සිරුවීමක්. නීතිය නම් ක්‍රියාත්මක වෙයි. නමුත් මේ මහා සමාජ ව්‍යසනය ඔහොමම ඉදිරියටත් පවතීවි. තමන් හරහට යන ගමන් අනික් අය කෙලින් යැවීමට දඟලන සමාජයේ වපර ඇහින් ගැලවෙන්න හිතාගෙන කලත් මේ අසරණ තරුණියත් අහිංසක ජීවිතයකුත් වැනසුණු හැටි කොයි තරම් ඛේදජනකද?
බුදු වදන් මිනිස්සුන්ට අද අමතක වෙලා. බුදු වදන් මිනිස්සුන්ට මතක් කර දිය යුතු බොහෝ අය අද ඒ වදන් වදාලන්නේ නැතුව දේශපාලන වදන් තමයි වදාලන්නේ. වෛරය ක්රෝදය, යහමින් පැතිරෙනවා. එහෙම වෙනකොට අධ්‍යාත්මිකව රට ජාතිය පිරිහිලා මේ වගේ තිරිසන් ක්‍රියාවල් සිදුවෙන්න ගන්නවා.
අවිවාහක තරුණියන් ගැබ් ගන්නේ පිරිමියෙක් හවුල් කරගෙන. ලිංගික අධ්‍යාපනය නැතිව සත්තු වගේ. විනාඩි විස්සක තිහක ආස්වාදය පිළිබඳව ආදීනව විස්තරාත්මක 6 වසර ඉඳල උගන්නන්න අවශයි. බඹසර රකින උදවිය ලිංගික අධ්‍යාපනය ගැන කතා කරණ එක කාන්තාවන් රැවුල කපන විදිය ගැන අදහස් දෙනවා වගේ වැඩක්. ආගමික නායකයන් ලිංගික කටයුතු වලට අත දාන්නා එපා.
ඔය තරුණියගේ ජාතිය නම් ගම එහෙමත් දාන්නකෝ
මේක දාන්න තිබුනේ ගියසතියේ කාන්තා දිනය දවසේ ....
ඇයි තවත් ඒ නම ගම ගැන විස්තර හොයන්නේ. මොනවගේ අදහසකින්ද ?....
"ඔය තරුණියගේ ජාතිය නම් ගම එහෙමත් දාන්නකෝ" ඒවා මෙතනට අදාළ නැහැ. මොකද ඔවැනි වරදක් කල ලෝකේ පලවෙනි පුද්ගලයා මේ තන්නත්තා නොවෙයිනේ.