(නාලක සංජීව දහනායක)
මහ මැතිවරණයේදී නුවරඑළිය, වන්නිය, කලුතර හා යාපනය දිස්ත්‍රික්ක හතර සඳහා වෙනම තරග කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අද (16) පැවසීය.
නාම යෝජනා පත්‍ර සකස් කිරීමේදී තම පක්ෂයට ලැබෙන අවස්ථාවන් අනුව ඉදිරියේදී පක්ෂය තනිව තරඟ කරන දිස්ත්‍රික්ක ප්‍රමාණය වැඩිවිය හැකි බවද ඔහු කීය.
නාම යෝජනා පත්‍ර සකස් කිරීමේදී බොහෝ දිස්ත්‍රික්කවලින් තම පක්ෂයට ලැබී ඇත්තේ අවම අවස්ථාවන් බැවින් මහ මැතවරණයට තනිව තරග කළ යුතු බවට සංවිධායකයන්ගෙන් දැඩි පීඩනයක් එල්ලවෙන බවද මහාචාර්යවරයා පැවැසීය.
මේ අතර නාමයෝජනා පත්‍ර අත්සන් කිරීම සඳහා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නාමයෝජනා පත්‍ර අත්සන් නොකර නැවත හැරී පැමිණි බවද ඔහු කීය.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවීමේදී ඇති කරගත් සම්මුතීන් නාම යෝජනා පත්‍ර සකස් කිරීමේදී බිඳ දමා දැමීම හා තම පක්ෂයට අවම අවස්ථාවන් දීම සම්බන්ධවත් දුමින්ද දිසානායක මහතා එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයාගෙන් කරුණු විමසා ඇති බවද මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා... ඉල්ලලා බලන්නකෝ...!!! වැඩිපුර ලැබේද කියලා...
ඇපත් නැති කරගන්න තමයි ඔය හදන්නේ....
කයිවාරු ගහපු විදියට අපිනම් හිතාගෙන උන්නේ පොහොට්ටුවට පූට්ටුවෙයි කියලා. අහෝ ! කේදයකි.
2015 දී නිර්පාක්ෂික ජනාධිපති පත් උනාම මේ කට්ටියම මහින්ද මහත්තයව ඇත ඇරලා නිර්පාක්ෂික ජනාධිපතිට සහ එජාපයට සහය දෙන්න පක්ෂය කඩාගෙන ගියා . ඊට පස්සේ ජනපතිත් එක්ක එකතුවෙලා නැවත පක්ෂය තුලට ඇවිත් පක්ෂයේ බලය අල්ලලා පක්ෂය දෙකට කැඩුවා. අන්තිමේට මහින්ද මහත්තය පක්ෂේ කඩාගෙන ගිහින් අලුත් පක්ෂය හැදුවා . දැන් ඕන කියල තමන්ට අයිතිකරගත්ත පක්ෂය තුල ඕන දෙයක් මේ අයට කරගන්න ඕන තරම් නිදහස තියෙනවා. නමුත් කරන්න හදන්නේ මහින්ද මහත්තය හදපු පක්ෂේ එක්ක එල්ලිලා ඡන්දෙ ඉල්ලන්න. අන්තිමේට දින්නට පස්සේ මේ කට්ටියටම පුළුවන් තමන්ට ලැබෙන වරප්‍රසාද අනුව ඕන පැත්තකට පැනලා සහයෝගය දෙන්න. අන්තිමේට වෙන්නේ තනියම ඉල්ලලා දිනින්න බැරි හින්ද මහින්ද මහත්තයාගේ පක්ෂේ එල්ලිලා ඡන්දෙ දිනලා ලැබෙන මන්ත්‍රි තනතුරු ප්‍රමාණයට ඇමතිකම් දෙන්නයි. එහෙම නොදුන්නොත් එජාපයට එකතුවෙලා ඇමතිකම් ගනියි. කොහෙන් ගියත් මේ කට්ටිය නැවත ඇමතිලා. ඒ හින්ද 2015 සිට රට කාබාසිනියා කල මේ පිරිසට නැවත පාර්ලිමේන්තු ඇවිත් බලය එක්ක සෙල්ලම් කරන්න නොදෙන්න ජනතාව තීන්දුවක් ගන්න එකයි. නැත්නම් වෙන්නේ මහින්ද මහත්තයා කොච්චර අකමැති උනත් ආප්ප කාපු කෙනාට නැවත බිත්තර ආප්ප දෙන්න තමයි.
හතරවෙනි තැනවත් ගන්න පුලුවන් උනොත් ලොකු දෙයක්.
මොලේ පෑදෙන්න තව කල් යයි එතකොට පෙරහැර ගිහින් ඉවරයි.
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ අන්තිමට ඉතුරුවුනු ලක්ෂ 15 වෙන් සියයට 65 ක් ගෝඨාභය ජනාධිපති තුමා සමහ එකතුවී අවසන්. මෙයාලට බිංදුව තමයි
මෙහෙම වෙලා මදි... ඔය වූනේ නෑ
ඉල්ලන්න වෙන පලාතක් තිබ්බෙම නැද්ද ?
අවුරුදු 72ක් තිස්සේ ඇති වූනේ හොරු, වංචා කාරයෝ. ළමයිනේ නුඹලා මෙය හරි මගට හැරෙව්වේ නැතිනම් පරණ හොරු සෙට් එක අලි බබාලා සමග නැවතත් එනවා එනවා මයි .
පක්ෂය විනාශ කරපු නායකයන් ඉතිහාස ගතවෙනවා හැම තැනම පොහොට්ටුවේ අයට විතරක් ඡන්දෙ දෙන්න කියලා තමයි කියන්නේ පක්ෂය දියාරු වෙලාම යාවි.