‘කොරෝනා වැළැක්වීමට ආයුර්වේද ඔසු නිර්දේශ කර නෑ’
කොරෝනා වයිරසය බෝවීම වැළැක්වීමට හැකියැයි පවසමින් ආයුර්වේද ඖෂධ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකෙරෙන ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් එවැනි ප්‍රචාර සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ආයුර්වේද කොමසාරිස් සහ ආයුර්වේද වෛද්‍ය සභාවේ සභාපති කේ.ඩී.ඒ.එස්.කුමාරතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.