(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තොටලග 75 වත්තේ දී මත් ද්‍රව්‍ය වැටලීමකට ගිය වරාය පොලිසියේ නිලධාරීන් පිරිසකට අසූචි ප්‍රහාරයක් එල්ල කළ කාන්තාවක් සහ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1020 ක් සමඟ එම කාන්තාවගේ සැමියා යැයි කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය.
කැලණිය පෙතියාගොඩ පදිංචි යුවලක් හෙරොයින් මත්කුඩු මිලදී ගැනීම සඳහා තොටලග 75 වත්තට පැමිණෙන බවට වරාය පොලිසියට ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් නිලධාරීන් මත්කුඩු සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ එම පුද්ගලයා සමඟ පැමිණි කාන්තාව පොලිස් නිලධාරීන්ට අසුචි ප්‍රහාරයක් එල්ල කර ආවේග ශිලීව හැසිරීමත් සමඟ එම කාන්තාවට සහාය දැක් වූ තවත් කිහිපදෙනෙකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කර සැකකාරියට පලා යාමට උපකාර කර ඇති බව පොලිස් නිලධාරියෙකු පැවසීය.
පලාගිය එම සැකකාර කාන්තාව එල්ල කළ අසුචි ප්‍රහාරය පොලිස් සැරයන්වරයෙකුට එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
පලාගිය සැකකාරිය සහ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් දැනගන්න ලැබුනෙ පොලීසිය සිවිල් ඇවිත් කාන්තාවක් නිරුවත් කර පහර දුන්න බව, වීඩියෝ සහ ඡායාරූප ඇත
පොලිසියට ප්‍රහාරයක් , මේවගේ දරුණු අවස්තාවක .. මේ විදිහේ ප්‍රහාරයක් ... "
පොලිසියේ අයට ඔය අසුචි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ නිතරම" ජරාව අතගානවා" මිනිස්සුන්ගෙන් ජරාව ගන්නවා.
හත්පොලේ ගාගෙන ඉවරයි දැනටමත් පොලිසිය. රවී කරුණානායකලටත් ඔහොම අත්අඩංගුවට ගන්න බැරිද දන්නෙ නෑ..
මම පොලිස් නිලධාරියෙක්නම් ඒ අසූචිම අල්ලාගත් අයගේ මුහුණේ තවරා පොලිසිසියට ගෙන එනවා.
රටේ සම්මත නීතියෙන් බේරීමට හැකිවේවි, ඒත් ලෝකධර්මතා නීතියට මේ සියල්ල යටත් . ඡන්දය නිසා මේ මොහොතේ නිදහසට හේතු බොහොයි......... ඉතින් " කොරෝනා" නො ඒවිද?........
ඒකටනේ බමුණෝ පොලිස් කණ්ඩායම් 4ක් යොදා ඒ බවලතා හොයන්න වලිකන්නේ...! ඔහේ ඒ පළාතේ හිටියා නම් එම පාර්සලය එන්නේ බමුණු මුහුණට බව පැහැදිලියි.
පොලීසියට නම් ජරාව අලුත් දේවල් නෙවෙයි. රවි කරුණානායක අල්ලගන්න මෙච්චර උනන්දු වුණා නම් රට්ටු කතා කියන්නේ නැහැනේ. ඒ සිද්ධියටත් ජරාව සම්බන්ධ ඇති. රාජිත හා සරත් ෆොන්සේකා නඩුවටත් ඕකයි වෙන්නේ...