(ඩී.කේ.රත්න)
විදේශ රටවල සිට පැමිණෙන මගී ජනතාව නිරෝධායනය කිරීම සඳහා දියතලාව යුද හමුදා කඳවුරේ පිහිටි යුද හමුදා සංචාරක නිවාස 12 ක් අද (17) සිට නිරෝධායන කටයුතු වෙනුවෙන් ලබාදී ඇතැයි පොලිසිය පැවසීය.
මේ වන විට විදෙස්ගතව සිට පැමිණෙන පිරිස් වැඩිවීම හේතුවෙන් එම පිරිස් පහසුකම් සහිතව නතර කිරීම සඳහා මෙම යුද හමුදා සංචාරක නිවාස ලබාදී තිබේ.
මෙම සංචාරක නිවාස 12 ම මේ වන විට නිරෝධායන කටයුතු වෙනුවෙන් සූදානම් කර තිබෙන අතර කටුනායක ගුවන්තොටුපළේ සිට දියතලාවට රැගෙන එන පිරිස් සදහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි දියතලාව යුද හමුදා කඳවුරේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරඟය පවත්වන්න අවසර දීලා එතෙන්ට ගිය කොරෝනා ආසාධිතයෙක් යැයි හඳුනාගෙන ඇති ගුවන් නියමුවා ආගිය තැන් හොයන්න දැන් විශාල මහන්සියක් ගන්නවා. අනිච්චේ දුක්කේ...
මේවා දෙන්නේ ඇමරිකාවේ එංගලන්තේ ඉඳන් එන අයට. රටේ සල්ලි වියදම් කරන්න ගිය අයට සැප. රටට සල්ලි ගේන්න ගිය අයට දුක.
ඔය කියන බංගලාවල ඉන්නේ දේශපාලුවන්ගේ පුත්තුයි, නෑදෑයෝයි.