කොරෝනා වයිරස වසංගතයට එරෙහි ගෝලීය සටනට නායකත්වය දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි එම සංවිධානය පවසයි.
මෙය ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පිහිටි එම සංවිධානයේ කාර්යාලයෙන් රෝගීන් වාර්තා වූ පළමු අවස්ථාවයි.
මීට පෙර ජිනීවාහි එක්සත් ජනපද කාර්යාලයෙන් සහ ලෝක වෙළඳ සංවිධානයේ කාර්යාලයෙන් සේවකයන් දෙදෙනකු ආසාදනය වී ඇති බව වාර්තා විය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය, කාර්ය මණ්ඩලය සහ උපදේශකයින් 2,400 ක් පමණ සේවය කරන ස්ථානයකි.
වෛරසය සම්ප්‍රේෂණය අවම කිරීම සඳහා මේ වනවිට බොහෝ දෙනා නිවසේ සිට කටයුතු කරමින් සිටින බව එම සංවිධානය පවසයි.
ස්විට්සර්ලන්තයෙන් රෝගීන් 2,200 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හමුදා සාමාජිකයින් 8,000 ක් යොදාගැනීම ඇතුළු පියවර රැසක් ක්‍රියාත්මක වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයන් දෙදෙනකුටත් කොරෝනා
මානවි Wednesday, 18 March 2020 04:26 PM
ස්වීට්සර්ලන්තයේ අයත් කොරෝනා පාලනය කරන්න හමුදාව යොදා ගන්න හදනවා. අපේ රටේ NGO කුක්කෙක් මානව හිමිකම් කවුන්සලයට කේලාම් කියනවා.