කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය පිළිබඳ සිය අවදානය යොමුකර ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම රටවැසියන්ට හැකිතාක් ගමන් බිමන් වලින් වැළකි සිටින ලෙස උපදෙස් දුන්නේය.
රටේ ප්‍රධාන අවශ්‍යතා සපුරාගැනීම සඳහා අවශ්‍ය විදිවිධාන ගැනීමට පියවර ගෙන ඇති ජනාධිපතිවරයා රට වැසියාගේ පහසුව සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දෙකක් වන පරිප්පු සහ සැමන් වල මිල අඩු කිරීමට නියම කළේය.
ඒ අනුව අද (17) මධ්‍යම රාත්‍රීයේ සිට පිරිප්පු කිලෝවක් රුපියල් 65 කටද සැමන් ටින් එකක් රුපියල් 100 කටද විකිණීමට ද ජනාධිපතිවරයා නියෝග කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාල් අඩු කලොත් හොඳයි නේද?
පරිප්පු, සැමන් සම සමවගෙන අට එකට කකාරා බීමෙන් කොරෝනා සුවවේ ප්‍රත්‍යක්ෂයි අත්දුටුවයි.
රටේ මෙතරම් දරුණු වසංගතයක් තිබෙද්දිත් ජනාධිපතිවරයා එයට වඩා කැපී පෙනෙන විදියට පසුගිය රජයටත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර තිබුන එජාපෙරමුණ විපක්ෂයටත් පහර ගැසීමට මුල් තැනදී තිබෙන වග ඔහුගේ දේශනාවට සවන්දුන් ඕනෑම කෙනෙකුට පැහැදිලිවම තේරුම් නොගියා නම් ඒක ලෝක පුදුමයකි !
ඔබ සැමන් මිලදී ගනිද්දී කල් ඉකුත්වන දිනය සහ ටින් එකේ බාහිර පෙනුම ගැනත් අවධානය යොමු කරන්න. මොකද පසුගිය මාසයේ කොළඹ වරායෙන්, කල් ඉකුත්වූ සැමන් ටින් අඩංගු කන්ටේනර් රථ 2 හොරෙන් පන්නලා තිබෙනවාලු. එනිසා සැමන් ගනිද්දී ටිකක් විමසිලිමත් වන්න.
සැමන් ටින් එකක් කියල ඇහුනා ඒත් බර ග්‍රෑම් කීයෙ එවද කියල ඇහුනෙ නැහැනෙ
අවසරයි!, පරිප්පු 65/= සැමන් 100/= 2/3 ඕන ස්තුතියි!
ගැසට් එකක් නැතුව නිකන් නියෝග විතරයිනේ.. කඩේ මුදලාලි නොදුන්නොත් ඔය ගානට කරන්න දෙයක් නෑනේ..
මෙන්න ජනතාවට රටට ආදරය කරන මිනිස්සු . ඒ නිසා අපි සෑම දෙනා එකතුවී සහයෝගය දෙමු.
මේ අවධානම් අවස්ථාවේදී ජාතිය අමතන්න තරම් වටිනා තීරණයක්.
අද ඉඳල පරිප්පු සැමන් බේතකටවත් හොයාගන්න බැරි වෙයි, ප්‍රයිස් සීලින් එකක් දැම්මට පාඩු වෙනවා නම් මොන වෙළෙන්දා ද ඔය ගණන් වලට විකුනන්න කැමති වෙන්නේ? ඔක්කොම ටැක්ස් අයින් කලාකියලා වත් ඔය නිවෙදනේ නැහැ.
මේකේ තීරණය ගැනීම 69 ලක්ෂයට බාර කරමු.
මෙයා ආපු දවසේ ඉදලම මහා ජනතාව කෑවේ පරිප්පු තමයි
ජනාධිපතිවරණයට පෙර තිබුණු මිලට වඩා අධික මිලකට හාල් කිලෝවක් උයාගෙන, රත්තරන්වල මිලට වඩා වටිනා ලොකු ලූනු ගෙඩියක් දමා පරිප්පුවක් එක්ක, සැමන් පොජ්ජක් සමග කාලා රජයට 2/3 බලයක් ලබා ගැනීමට මන්ත්‍රීවරු රංචුවක් දියවන්නාවට යවන්න කියන එක ගෝඨා මහත්තයා "වහෙන් ඔරෝ" භාෂාවෙන් රටවැසියාට දන්වා සිටීම ගැන ඔහුගේ හෙන්චයියන් උඩ පනිමින් අත්පොළසන් දෙනවා ඇති කියා මගේ සීයා කියනවා. මේක කොරෝනා වසංගතයටත් වඩා දරුණු කතාවක් බව ආච්චිගේ හැඟීමයි.. කුස්සිය පැත්තේ පාලනය ගැන එයා ඉතින් හොඳට දන්නවනේ...!
පරිප්පු හා සැමන් කලවම් කර වාහනවලට ඉන්ධන ලෙස යොදන්න.