(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොරෝනා රෝගය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික මග පෙන්වන්නාගේ පුත්‍රයා අංගොඩ අයි.ඩී.එච් රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
එම දරුවා ඉකුත් 13 වැනිදා අංගොඩ අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර ඇත්තේ උගුරේ ඇති වූ වේදනාවක් සහ හිසරදය හේතුවෙන් බව එම ප්‍රකාශකයා කීය.
පසුව එම දරුවාටත් කොරෝනා වයිරසය වැළඳී ඇත්දැයි පරීක්ෂාවකට ලක් කළ අතර දරුවා නිරෝගීව සිටින බව එහිදී තහවුරු වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ අනුව එම දරුවා අද (16) මත්තේගොඩ පිහිටි නිවසට පැමිණ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ, ඔයත් ඔයාගේ පව්ලේ අයටත්, ගම් වාසීන්ටත් නිරෝගී සුවය පතමි. මේ නිවාඩු දවස් ටිකේ ටෙලිෆොන් වල එල්ලිලා ඉන්නේ නැතිව පොත පත පාඩම් කරලා යහපත් මිනිසෙක් වන්න. තාත්තා ගෙදර ආපුහම ආදරයෙන් සලකන්න.