(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම අනුකූල බව  ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත

මෙම තීරණය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  පාර්ලිමේන්තුවට අද (19) දැනුම් දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ ගෙන එන ලද අභියෝගය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙලෙස ප්‍රකාශයට පත්කර ඇති බවද කතානායකවරයා පැවසීය.

පනත් කෙටුම්පත සමස්තයක් ලෙස මෙන්ම එහි අඩංගු එක් එක් ප්‍රතිපාදනයන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකට පටහැනි නොවන බවට අධිකරණය නිගමනය කර ඇතැයිද  ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමට මෙම පනත් කෙටුම්පතෙන් ප්‍රතිපාදන සලසාදී  අැත