
(අංජුල මහික වීරරත්න)
යුදමය වාතාවරණය පැවති වකවානුවේදී ත්‍රස්ත ක්‍රියා සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් හේතුවෙන් මියගිය, ආබාධිත තත්ත්වයට පත් වූ ශ්‍රී ලංකා පොලීසියේ (විශේෂ කාර්ය බලකාය ද ඇතුළත්ව) හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් නිශ්චිතව හඳුනා ගැනීම සහ ඔවුන්ට සහන සැලසීමේ කටයුතු අවසන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඔවුන්ට සහන සැලසීමේ කටයුතු අවසන් කිරීම සඳහා ගත යුතු පියවරයන් සහ එවැනි සහන සැලසීම පිණිස මේ දක්වා වරින්වර නිකුත් කරනු ලැබ ඇති චක්‍ර ලේඛ සියල්ල වෙනුවට එක් පොදු චක්‍ර ලේඛයක් නිකුත් කිරීම පිළිබඳව වන නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා 2025 ජුලි 14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නිලධාරී කමිටුවක් පත් කිරීම පිණිස අනුමැතිය ලබා දී තිබේ. එකී කමිටුව විසින් සිය නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් සවිස්තරාත්මක වාර්තාව 2026-05-12 දිනැතිව ඉදිරිපත් කරනු ලැබ ඇත.
ඒ අනුව, මේ දක්වා හඳුනාගනු ලැබ ඇති පාර්ශ්වයන් වෙත ගෙවනු ලබන දීමනා සඳහා කිසිදු අගතියක් සිදු නොවන පරිදි, එම කමිටු නිර්දේශ අනුව ත්‍රිවිධ හමුදාවට, ශ්‍රී ලංකා පොලීසියට සහ විශේෂ කාර්ය බලකායට අදාළව අලුතින් හඳුනා ගත් පාර්ශ්වයන් වෙත සහන හිමි ගැන්වීම සඳහා වක්‍ර ලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd