IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොරෝනා මැඩලීමේ එන්නත අත්හදා බැලීමට මිනිසුන් යොදාගනී

කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමට නිපදවන ලද එන්නත අත්හදා බැලීම සඳහා පළමු වරට මිනිසුන්ට ලබාදීම ඇමෙරිකාවෙන් ආරම්භ කර තිබේ.

වොෂිංටන්, සියැටල් හි කෙයිසර් පර්යේෂණ මධ්‍යස්ථානයේ දී රෝගීන් හතර දෙනෙකුට එන්නත ලබා දුන් බව බව ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

විශේෂඥයන් පවසන්නේ මෙම එන්නතෙහි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා තවත් මාස කිහිපයක් ගතවනු ඇති බවයි.

එන්නත ලබාගත් පළමු පුද්ගලයා සියැටල්හි 43 හැවිරිදි දෙදරු මවකි.

"මෙය මට මිනිසුන්ට යමක් කිරීමට ලබාදුන් පුදුමාකාර අවස්ථාවක්," ජෙනිෆර් හැලර් නම් මෙම කාන්තාව පැවසීය.

මෙය ලොව පුරා විද්‍යා විද්‍යාඥයින් වේගයෙන් ලුහුබැඳ යන පර්යේෂණය බව මාධ්‍ය වාර්තා කර තිබේ.

"ඔව්, මෙය ඉතා වේගවත්. නමුත් එය වෛරසයට එරෙහි තරඟයක් මිස විද්‍යාඥයන් ලෙස එකිනෙකාට එරෙහි තරඟයක් නොවේ. එය සිදු කරනු ලබන්නේ මනුෂ්‍යත්වයේ ප්‍රයෝජනය සඳහා ය.
  
එන්නත ඉතා ඉහළ ප්‍රමිතියකට සකස් කර ඇති අතර, මිනිසුන් තුළ භාවිතා කිරීම ආරක්ෂිත යැයි සිතමු. මේ සඳහා සහභාගී වන අය ඉතා සමීපව නිරීක්ෂණය කරනු ලැබේ." යැයි බ්‍රිතාන්‍යයේ ලන්ඩන්හි ඉම්පීරියල් කොලේජ් හි බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජෝන් ට්‍රෙගොනිං මහතා පැවසුවේය.
මෙම මූලික ආරක්‍ෂිත පරීක්ෂණ සාර්ථක වුවද, මහජනයාට එන්නත ලබා ගැනීමට මාස 18ක් පමණ ගතවනු ඇතැයි සඳහන් වේ.

(බීබිසී ඇසුරිණි - 085)



අදහස් (3)

කොරෝනා මැඩලීමේ එන්නත අත්හදා බැලීමට මිනිසුන් යොදාගනී

Amula Tuesday, 17 March 2020 04:50 AM

දෙවියනි මේ ව්‍යසනයෙන් ලොව බේරා දෙනු මැනවි

:       0       0

රවින් Tuesday, 17 March 2020 05:10 AM

පුදුමයි !!! එත් ඇත්තයි. කොරෝනා කොවිඩ් - 19 මුලින්ම හැදුනේ චිනේ වැසියන්ට. හැබැයි ඇමරිකාව තමයි ඇමරිකාවේ වැසියන්ට වයිරසය බෝවුනා යයි ප්‍රසිද්ධ කරන්න ඉස්සර බෙහෙත් හොයාගත්තේ. 1 1= ? දන්නා තරමින්නම් බෙහෙතක් මිනිසුන්ට ලබාදීමට පෙර විවිද පරීක්ෂණ ගණනාවක් කළයුතුව ඇත. අනේ මන්දා....

:       0       0

Champa Tuesday, 17 March 2020 05:25 AM

මේක තමයි පුදුම වැඩේ කියන්නේ. කොරෝනා කියන්නේ අලුත් වයිරස් එකක්ලු. බෙහෙත් නැහැලු. වේගයෙන් පැතිරෙනවලු. පටන් ගත්තේ චිනේන්ලු. හැබැයි මෙහෙම කියපු ඇමරිකාවම කොරෝනා පටන් අරන් යන්තම් මාස් 3ක්වත් යන්න ඉස්සෙල්ලා මේ අලුත්ම අලුත් කොරෝනා වයිරස් එකට එන්නතක් හොයා ගත්තලු. කාටද මේවා කියන්නේ? එන්නතක් හොයා ගන්න නම් අවුරුදු ගානක් පරීක්ෂණ කරන්න ඕනේ. මේක හරියට වයිරසයයි, එන්නතයි දෙකම එකම තැනින් හදලා වගේ. පහුගිය දවස්වල හැමතැනකම යන මීම් එකක් තිබ්බ ඇමරිකාවේ ඡන්ද තියෙන හැම අවුරුද්දෙම වයිරස් ලෙඩක් පැතිරෙන එක අහම්බයක්මද කියලා මෙන්න මෙහෙම. 2003/2004 - සාර්ස්; 2008 - ඒවියන් (කුරුළු උන); 2009/2010 - H1N1; 2012 - මර්ස්; 2014 - එබෝලා; 2016 - සිකා වයිරස්; 2018 - එබෝලා; 2019/2020 කොරෝනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31310 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13508 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 109 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 936 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site