(තිළිණි ද සිල්වා)
පවුලේ සාමාජිකයකුට කොරෝනා ආසාදනය වී ඇති විදේශ සබදතා අමාත්‍යාංශයේ නිලධාරිනිය විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලූ දූත කණ්ඩායම සමග ජිනීවා නුවරදී කටයුතු කරනු ලැබුවේ එම රෝගය ආසාධිත වූ සිය පවුලේ සාමාජිකයා හමුවීමට පෙර යැයිද විදේශ සබඳතා අමාත්‍යාංශය අවධාරණය කර සිටී.
ඇය ඉකුත් පෙබරවාරි මාසය අගදී ජිනීවා නුවර පැවති මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සහභාගී වූවාය.
විදේශ සබඳතා අමාත්‍යාංශයේ සේවයේ නියුතු නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයෙකු කොරෝනා වයිරසය (COVID -19) ආසාධිතයකු වශයෙන් තහවුරු වීමෙන් පසු, වයිරසය සම්ප්‍රේෂණය වීම අවම කිරීම සඳහා ගන්නා ලද ආරක්ෂිත පියවර සම්බන්ධයෙන් නිවේදනයක් නිකුක් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහතා කියා සිටී.
අමාත්‍යවරයා ඇතුලු දූත පිරිස මෙම නිලධාරිනිය සමඟ කටයුතු කරනු ලැබූවේ, එම නිලධාරිනිය විසින් ඉකුත් පෙබරවාරි 29 සිට 1 වැනිදා දක්වා කාලය තුළ යුරෝපයේ පෞද්ගලික සංචාරයක නියුතුව සිටි රෝගය ආසාධිත වූ සිය පවුලේ සාමාජිකයා හමුවීමට පෙර යැයිද එම අමාත්‍යාංශය ප්‍රකාශිකාව කියා සිටින්නීය.
නිලධාරිනිය ඉකුත් 8 වැනිදා නැවත ලංකාවට පැමිණි බවත් , එදින සිට විදේශ අමාත්‍යවරයා සහ නිලධාරිනිය අතර කිසිදු හමුවක් සිදුව නැතැයිද ඇය පෙන්වා දෙන්නීය.
ඉකුත් 9 වැනිදා සිට ඇරඹි පසුගිය සතිය තුළ අදාළ නිලධාරිනිය එක් දිනක් පමණක් සේවයට වාර්තා කර ඇති අතර, එයද ආසාධනයට ලක්වූ ඇයගේ පවුලේ සාමාජිකයා මෙරටට පැමිණීමට පෙරය. රෝගය ආසාධනය වූ පවුලේ සාමාජිකයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ එම නිලධාරිනිය ශ්‍රී ලංකාවට පැමිණ දින කිහිපයකට පසුව බවද එම ප්‍රකාශිකාව කියා සිටියාය.
අදාළ නිලධාරිනිය මේ වන විට මනා සෞඛ්‍යය තත්වයෙන් පසුවන අතර අමාත්‍යාංශය සිය කාර්ය මණ්ඩලය, අමුත්තන් සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා මෙම තත්වය නියාමනය කිරීමට සහ සුපරීක්ෂණය කිරීමට අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදු කරනු ඇතැයිද විදේශ සබඳතා අමාත්‍යාංශ ප්‍රකාශිකාව පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයට ඡන්ද අඩු වෙයි කියලා මයෙ හිතේ ඔක්කොම පැත්තක දාල පණිවිඩ නිකුත් කරන්නෙ.
මොකක්ද මේ කියන්නේ? පවුලේ සාමාජිකයාට කොරෝනා අසාදනය වුනේ යුරෝපයේදීද? නැත්නම් ලංකාවෙදිද? නිලධාරිනියත් යුරෝපයේ ඉඳලනේ ඇවිල්ල තියෙන්නේ. නමුත් පවුලේ සාමාජිකයා හමුවෙනකම් නිරෝධනය වෙලා තිබිල නැහැනේ මේකේ කියන විදිහට. පොඩ්ඩක් සිහි බුද්ධියෙන් කලපනා කරලා බලන්න ඕගොල්ලෝම කියන දේ. 1. දෙන්නම යුරෝපයේ ඉඳල තියෙනව. 2. කොරෝන හැදිලා බව දන්නේ ලංකාවේදී. 3. කාගෙන් කාට බෝ වුනාද කියන්න බැහැ මෙතන. සමහරුන්ගේ ඇඟේ වයිරසය තියෙන්න පුළුවන් නමුත් ලෙඩ වෙන්නේ නැහැ ඇඟේ ස්වභාවික ප්‍රතිශක්තිය හොඳ නම්. ඒ හින්ද යුරෝපයේ සංචාරය කරපු කොරෝන තියෙන පුද්ගලයා ලෙඩේ ගෙදරට ගෙනාවද නැත්නම් යුරෝපයේ සංචාරය කරපු නිලධාරිනිය කොරෝන ගෙදරට ගේනවද කියන එක මෙතන හරියට කියන්න බැහැ. 5. දින වකවානු දදා මොකක්ද මේ කරන විකාරේ? මුළු විදේශ කටයුතු අමාත්යංශයමයි ජිනීවා මිෂන් එකයි ඇමැතියි ඩෙලිගේෂන් එකයි ඔක්කොටම මේ රෝගය පැතිරීම වැළැක්වීම වෙනුවන් දවස් 14ක් නිරෝධනය වෙන්න බැරි අමාරුව මොකක්ද? ඔහොමද උගත්තු රටට ආදර්ශයක් දෙන්නේ? නූගත්තු කොරෝන නිරෝධනයෙන් කට්ටි පනින එක අහන්නත් දෙයක්ද? නඩු දාන්න ඕනේ ඇත්තටම කාටද?
අපේ නිලධාරීන්ට කිසිම වැඩක් වෙලාවට කරන්න බැරි හැටි.
ඉස්සෙල්ල කමෙන්ට් එක ලිව්වේ කොරෝන ගැන මේ සති අන්තේ නිකුත් කරලා තිබ්බ අලුත්ම පර්යේෂණ දත්ත අනුව. රෝගී ලක්ෂණ පෙන්නලා නැති නමුත් වයිරසය තියෙන පිරිස මගින් කොරෝනා වෛරසය පැතිරෙන්න පුළුවන් කියලා දැන් කියනවා.
කොහොමද වැඩේ? අපි කියපුවා බොරුද? වැඩේ හංගගෙන ඉඳලා අවුල් උනාම කියනවා මේ කියන්නෙත් බොරු. දවස් 14 ක් යනකම් දිනේශ් ඇතුළු හැමෝම ස්වයං නිරෝධායනයට යන්න ඕනේ.
කතාව ඇත්ත.
ඇමති දින 14ක් නිරෝධානය කලයුතුයි.
අපරාදේ !
ස්විට්සර්ලන්තයේත් කොරෝනා තිබෙනවා. එහෙ ඉඳන් ලංකාවට ආවා නම් අඩුම වශයෙන් තම තමන් ස්වයන් නිරෝධායනයක යෙදෙන්න තිබුන. එහෙම නැතිව නිදහසට කරුණු කීමෙන් ඵලක් නැහැ.
දැන්...දිනේෂ්ගෙන් මුළු දියවන්නාවේ ඉන්න රැලටම කොරෝනා බෝවෙයි.... අපේ එකම පැතුම එයයි. ඊට පස්සේ අපේ රටට හොඳ කලක් උදාවේවි..