( ඩයනා උදයංගනී)
කොරෝනා වයිරසය ආසාදිත තවත් ශ්‍රි ලාංකික පුද්ගලයින් තිදෙනකු පිළිබඳව අද ( 16) තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා පැවසීය.
වයස අවුරුදු 13 ක ගැහැණු දරුවකු සහ අවුරුදු 50 ඉක්ම වූ පිරිමි පුද්ගලයින් දෙදෙනකු ඊට අයත් වේ.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 21 කි.
මේ වන විට ඔහු අයිඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන බවද අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසූවේය.
COMMENTS
ඉතාලි වගේ නේද?
ලංකාවට රෝගය පැතිරවීමේ වගකීම ඉතාලියෙන් පැන්න මෝඩයින් බාරගත යුතු අතර නිරෝධනයෙන් පසු මොවුන්ව අධිකරණයට ඉදිරිපත් කරන්න. මුඛවාඩම් නොදා ප්‍රසිද්ධියේ වැසිකිලි විවේචනය කල කෙනාද ඇතුළුව...
සෞඛ්‍ය ඇමතිනි, නාඩගම් නටා... රටට ගොන්පාර්ට් පෙන්වද්දී මේවා ගැන හිතුවේ නැහැ. දැන් හොඳද? සතුටුද?
ඉතාලිවලින් අාපු අය තමයි ඕක කරේ... හොඳට තිබුණු රට...
මේ අය කවුද, කොහේද කියලා විස්තර ඉදිරිපත් කළොත් හොඳයි. අර අවුරුදු 13 ගැහැණු දරුවත් ඉතාලියේ ඉඳලා ආපු කෙනෙක්ද?
මීටර 2ක් ඈතින් ඉන්න දැනුවත් කරන්න.
රජය මේකට වගකියන්න ඕනේ..., අප්පච්චිට ඕනේ වුනේ ඉතාලියේ ඉඳලා එන අයගේ ඡන්ද ටික විතරයි. පාර්ලිමේන්තුව වහලා එ්ක නිරෝධායන මධ්‍යස්ථානයක් විදිහට යොදාගන්න එකේ ඉඩ ඕනෑතරම් තියනවා..
දැන් ඉතින් අාපහු මරබයෙන් ජීවත් වෙන්න ඕනේ... අසල්වැසි ඉන්දියාව ඔච්චර ලොකුරටක් වෙලත් ඔවුන්ගේ සුලුපිරිසයි ඉන්නේ... පාකිස්තානෙත් හොඳින් පාලනය කරගත්තා. අපේ රටේ විතරක් ලෙඩ්ඩු ටික ඔක්කොම රටට අරන් හතරවටේ බෝකරන්න ඉඩදුන්නා..
ලංකාවට රෝගය පැතිරවීමේ වගකීම මෑතකදී ඉතාලියෙන් පැමිණි අය භාරගත යුතුයි. මේ සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ ලාංකිකයින් කොතරම් අාත්මාර්ථකාමි මිනිසුන් ජාතියක් විය හැකිද යන්නයි.
කාලයකට ඉහත කරන්න තිබුණු වැඩක්. ඉතාම හොඳ දෙයක්...
ඔන්න ඉතාලියට ගෙන්න ගන්න කියලා අපට කරදර කරන්න එපා මීට පස්සේ. අයිෆෝන්, අයිපැඩ් එහෙම ඉල්ලන්නේ නෑ හොඳේ...
අනුර ඔබ හරි... මන් ඉන්නේ ඉන්දියාවේ මෙහෙ නම් එතරම් ප්‍රශ්නයක් නැහැ...
දේශපාළුවන් මාස 3ක් බලාගෙන හිටියා මිසක්.. මෙම වයිරසය එන්න කලින් පෙර සූදානමක් තිබුණේ නෑ..
කවුරුත් මේ ගැන වැඩි අවධානයක් ගත්තේ නැහැ. අනික මානුෂීය ඇසින් බලන්න ගියාමත් මෙහෙම දේවල් සිද්ධ වෙනවා. ඔක්කොම වුණාට පස්සේ අරයට, මෙයාට පාස් කරලා දැන් තේරුමක් නැහැ...
මෙහි අදහස් පලකොට ඇති සියලු දෙනා සිංහලයින් විය යුතුයි. ජාතියේ, ජානමය තත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න කොරෝනා මාතෘකාව හරිම වැදගත්. ලංකාවේ හිටියත් ලෝකේ කුමන රටක ජීවත් උනත්, ජානමය තත්වයේ කිසිදු වෙනසක් නැහැ. චීනය , කොරියාව හෝ ඉතාලිය ඇතුළු බොහෝ රටවල ජාතීන්, මේ වසංගතයෙන් තම රට ජාතිය මෙන්ම සියලුම මනුෂ්‍ය වර්ගයා මේ උවදුරින් මුදවා ගැනීමට උත්සහ දරන්නේ, එකට එකතුවී, සාමුහික ක්‍රියාකාරිත්වයකින් මිස එකිනෙකාට පරිභව කර ගැනීමෙන් නොවේ. චීනය හා කොරියාව තුලින් එහි ප්‍රතිපලය ප්‍රදර්ශනය වෙමින් තිබේ.