ජනපතිගේ ව්‍යවස්ථාපිත කාර්යයට අවහිර කිරීම ව්‍යවස්ථාව කැඩීමක් ජනාධිපතිවරයාට ඔහුගේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමේදී සිදු කරනු ලබන ඕනෑම අවහිරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. 31 January 2024
දයා රත්නායක ගත්තාට ෆොන්සේකාගෙන් විරෝධය හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගය හා එක්වීම කිසිසේත් අනුමත කළ නොහැකි බව සමගි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹ දී පැවසීය. 31 January 2024
අල්ලස්ගත් ග්‍රාම සේවක මාට්ටු හම්බන්තොට සාමෝදාගම ග්‍රාම නිළධාරීවරයා රුපියල් 10000 ක අල්ලසක් ලබා ගනිද්දී අල්ලස් හා දූෂණ මර්දන අංශයේ නිළධාරීන් අද (31) අත්අඩංගුවට ගෙන ඇත. 31 January 2024
හලාවත ලිසිං සමාගමක සේප්පුව කපා ලක්ෂ 71 ක් පන්නලා හලාවත නගරයෙ පිහිටි ප්‍රධාන පෙලේ ලිසිං සමාගමක ශාඛාවක බිත්ති කඩා රහසේ ඇතුල් වී ඇති සොරුන් කණ්ඩායමක් එහි සේප්පුවල ආරක්ෂීතව තිබු රුපියල් ලක්ෂ 71 කට ආසන්න මුදලක් සොරා ගෙන ඇති බව හලාවත මුලස්ථාන පොලිසිය පවසයි. 31 January 2024
රාජ්‍ය සේවක නිර්මාණ සම්මාන බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලියේදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ එච්. ඩබ්ලිව්. සී. පි. අහේෂිකා මහත්මියගේ ‘මම්ස් ඩිනර්’ හොඳම කෙටි චිත්‍රපටය ලෙස ද, කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලයේ නිශාන් ජයලත් මහතාගේ නිර්මාණය හොඳම චිත්‍රය ලෙස ද, සම්මාන ලැබීය. 31 January 2024
පේරාදෙණි සරසවි විරෝධයට කඳුළු ගෑස් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් පෙරාදෙණිය සරසවි සිසුන් පිරිසකගේ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. 31 January 2024
කෙහෙලියගේ අල්ලස් නඩුව කල් යයි තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට එම දුරකතන බිල ලෙස රුපියල් ලක්ෂ 2 1/4කට අධික මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ ‘දූෂණය’ වරද සිදුකළ බවට චෝදනා ලැබූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහත්වරුන්ට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තියේ නීතීඥවරු ඉදිරිපත් කළ මුලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්ද 31 January 2024
සජබෙන් පොලිස් ඇමතිට එරෙහිව පෙත්සමක් අධිකරණ නියෝගය නොතකා සමගි ජන බලවේග විරෝධතාවයට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරිමට නියෝග දුන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට, නීතියට සහ අධිකරණ තීන්දුවට ගරු නොකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය. 31 January 2024
ආරක්ෂක රාජ්‍ය ඇමැති පැරෂුට් භටයන් බලන්න යයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 76 වැනි නිදහස් දින පෙරහුරු අතරතුර තුවාල ලැබූ පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසීම සඳහා කොළඹ යුද හමුදා රෝහලට සහ ජාතික රෝහලට ගියේය. 31 January 2024
නව වේත්‍රධාරී වැඩ භාර ගනියි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරී ලෙස කුෂාන් සම්පත් ජයරත්න මහතා අද වැඩ භාරගත්තේය. 31 January 2024
‘නිදහස්’ දින පෙරහුරුවෙන් කොළඹ ගිගුම්දෙයි හැත්තෑහය වැනි ‘නිදහස්’ දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිදහස් දින උළෙල කොළඹ ගාලු මුවදොරදී ලබන 4 වැනිදා පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. 31 January 2024
ජනපති කැලණි ගිහින් කතාවකුත් කරයි දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ දී පැවසීය. 31 January 2024
වයඹ පීඨයේ සිසුහු හදිසියේ රෝගී වෙති වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බිංගිරිය දිසා රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි 31 January 2024
ජනතා ජිවිත බිල්ලට දුන් කෙහෙළිය රකින්නේ කවුද? ජනතා ජීවිත බිල්ලට දුන්, ප්‍රශ්න සහගත ඉමියුනොගොලොබියුන් ගනුදෙනුවට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සාක්ෂි තිබියදීත් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (31) පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා සාමකාමී සත්‍යග්‍රහයක් පැවැත්වීය. 31 January 2024
උදාවී ඇත්තේ ජනතාව බේරාගැනීමේ අවසන් අවස්ථාවයි උදාවී ඇත්තේ රට බේරාගැනීමේ අවසන් අවස්ථාව යැයි මෙතක් බිහිවූ නායකයින් දිගින දිගටම පවසූ නමුත් සත්‍ය වශයෙන්ම උදාවී ඇත්තේ ජනතාව බේරා ගැනීමේ අවසන් අවස්ථාව බවත් ඒ සඳහා හැකියාව පවතින එකම නායකයා වර්ථමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 31 January 2024
මැලේසියාවට අලුත් රජෙක් මැලේසියාවේ නව රජු ලෙස ජොහෝර් හි පාලක සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් දිවුරුම් දුන්නේය. දිවුරුම් දීමත් සමඟ සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් රාජත්වයට පත්වූයේ මැලේසියාවේ 17 වැනි රජු ලෙසය. 31 January 2024
අලුත් රැකියා 50000ක් නව රැකියා 50000ක් “සණස” ඉදිරිය ජාතික සංවර්ධන වැඩසටහන මඟින් නිර්මාණය වන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසීය. 31 January 2024
තවත් පනත් දෙකකට කතානායක සහතිකය සමථකරණයෙන් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත සහ නොතාරිස් (සංශෝධන) පනත් කෙටුම්පත අද (31) සිට බලාත්මක විය. 31 January 2024
කෝඬුකාර චාමික - මිලාන් ටෙස්ට් සංචිතයට කැඳවයි ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ලබන 2 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගයට සහභාගි වන 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කෝඩුකාරයන් වන චාමික ගුණසේකර සහ මිලාන් රත්නායක ඇතුළත්ව සිටිති. 31 January 2024
ඩයනා කඳුළු ගෑස් ගහපු හේතුව කියයි සමග ජන බලවේගයේ පෙළපාළියට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේ නොහික්මුණු මිනිසුන් හික්මීමක් ඇති පිරිසක් බවට පත්කර ගැනීමට යැයි සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. 31 January 2024
මන්නාරම් දුපතට සුළං බල මධ්‍යස්ථානයක් මන්නාරම දූපතේ සුළං බල මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ. 31 January 2024
සී.සී.ටී.වී. දඩයට බිය වූ ජනතාව මෝටර් රථ කාර්යාලයේ පිරෙති මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ (ආර්.එම්.වී.) නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් වාහන ලියාපදිංචිය මාරු කිරීම ඇතුළු සේවා ගැනීමට ජනතාව විශාල පිරිසක් හිටිහැටියේ පැමිණීමෙන් එම දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ තදබදයක් අද (31) පෙරවරුවේ නිර්මාණය වී තිබුණි. 31 January 2024
විදුලි බිලෙන් වංචා කළ උසාවි තැපැල් නිලධාරියා රිමාන්ඩ් විදුලි බිල්පතක් සඳහා ගෙවූ රුපියල් අනූනමදහස සහ පරිගණක රිසිට්පත බෑගයේ දමා ගෙදරගෙන ගොස් මුදල් වංචා කළේ යැයි කියන උසාවි තැපැල් කාර්යාලයේ තැපැල් සේවා නිලධාරීවරයා ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය. 31 January 2024
ආබාධිත පොලිස් විරුවන්ට වෙනම කවුළුවක් යුද්ධයේදී ආබාධිත පොලිස් රණවිරුවන්ට ප්‍රතිකාර ගැනීම සඳහා පොලිස් රෝහලේ වෙනම කවුළුවක් විවෘත කිරීමට කටයුතු කරන ලෙසට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ආචාර්ය සරත් වීරසේකර මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය. 31 January 2024
විශ්‍රාමික අමාත්‍යංශ ලේකම්ගේ රියේ ගැටුණ කොස්තාපල් රෝහලේ පොලිස් සංස්කෘතික කොට්ඨාසයට අනුයුක්ත උපසේවා කොස්තාපල්වරයකු තලංගම අකුරේගොඩ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයකු පැදවූ ජිප් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව තලංගම පොලිසිය කියයි. 31 January 2024
පොලිස් කණ්ඩායම් නිදහස් පෙළපාළියෙන් ඉවත්වෙයි? හැත්තෑහය වැනි නිදහස් දින රාජ්‍ය උත්සවයේ පෙළපාලියෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය හදිසියේම ඉවත් කර ගැනීමට අද (31) පෙරවරුවේ කටයුතු කර ඇතැයි වාර්තාවේ. 31 January 2024
සජබෙට පහර දීම පාඨලී හෙලා දකී සමගි ජන බලවේගය කොළඹ දී සංවිධාන කළ විරෝධතාවයට අමානුෂික ලෙස පොලිසිය විසින් පහර දීම තරයේ හෙලා දකින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 31 January 2024
මස්සිනාගේ පිහි පහරින් මස්සිනා මරුට නිවසේ ඇති කරන කුකුළන් මස්සිනාගේ නිවෙසකට ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමකදී කුකුළන් ඇතිකළ ලංගම කොන්දොස්තරට පෙරේදා (30) පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි චුන්නාකම් පොලිසිය පවසයි. 31 January 2024
කොරෝනාවට පසු ලොකුම සමුළුව පෙබරවාරියේ මෙරට පැවැත්වීමට නියමිත එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිපික් කලාපීය සමුළුවේ සංවිධාන කටයුතු පිරික්සීම සඳහා ආසියා පැසිපික් කලාපීය ප්‍රධාන කාර්යාලයේ නිලධාරීහු පිරිසක් පැමිණියහ. 31 January 2024
නොබෙල් සාම තෑග්ගට ට්‍රම්ප්ගේ නම මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගයට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නම යෝජනා වී ඇත. ට්‍රම්ප්ගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා කර ඇත්තේ ඔහුගේ රිපබ්ලිකන් පක්ෂ සාමාජිකා ක්ලෝඩියා ටෙනී ය. 31 January 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026