IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෙහෙලියගේ අල්ලස් නඩුව කල් යයි

(මනෝප්‍රිය ගුණසේකර)

තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට එම දුරකතන බිල ලෙස රුපියල් ලක්‍ෂ 2 1/4කට අධික මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ ‘දූෂණය’ වරද සිදුකළ බවට චෝදනා ලැබූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහත්වරුන්ට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තියේ නීතීඥවරු ඉදිරිපත් කළ මුලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව ලබන 16 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේ අද දැනුම් දුන්නේය.

මෙම නඩුවේ ”පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය” අවසන් කොට නඩුවේ විභාගය ආරම්භ කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ නීතීඥ රංජිත් හීල්ලගේ මහත්වරු ඇතුළු නීතීඥවරු මුලික විරා්ධතාවයක් මතු කරමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අල්ලස් කොමිසම ආරම්භ කර ඇත්තේ නීතීවිරෝධී අන්දමින් වන හෙයින් නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට කරුණු ඉදිරිපත් කළහ.

වර්ෂ 2010ක් වූ නොවැම්බර් 22 දින සිට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා වශයෙන් සේවයේ යෙදී සිටි පළමු විත්තිකරු තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තුව වූ රුපියග් 44000/-ක සීමාව ඉක්මවමින් 2012 මාර්තු මස 15 වැනිදා සිට අප්‍රේල් 14 වැනිදා දක්වා කාලයේ භාවිතා කළ දුරකතන බිල රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කුමන්ත්‍රණය කිරීම සහ කටයුතු කිරීම මඟින් අල්ලස් පනතේ ‘දූෂණය’ නමැති වරද කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.

අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව මීට පෙර අවස්ථාවක කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙම සිද්ධියට අදාළවම නඩු පැවරූ අතර ඒ අවස්ථාවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අල්ලස් කොමිසන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතියකින් තොරව විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති බවට ඉදිරිපත් කළ මුලික විරෝධතාවයක් මහාධිකරණය විසින් පිළිගනිමින් දුන් නියෝගයකට අනුව විත්තිකරුවන් දෙදෙනා නිදහස් කෙරිණී.

 



අදහස් (6)

කෙහෙලියගේ අල්ලස් නඩුව කල් යයි

Rata Perata Wednesday, 31 January 2024 06:40 PM

මේ වගේ අය වෙනුවෙන් සල්ලිවලට පෙනී ඉන්න නීතීඥයින් වර්ජනය කරන්න. මේ වගේ නඩුවලට පෙනී ඉන්නවට වඩා හොඳයි යන එක...

:       0       18

PereraThursday, 01 February 2024 09:38 AM

රටෙ ඔනම කෙනෙකුට නඩු කටයුත්තකදි නීතීඥ සහාය ලබා ගැනීමට අයිතියක් තියෙන බව දන්නවද??? තමුන් කවුද ඔහොම තීන්දු තීරන ගන්න නීතීඥවරුන්ට නියෝ ග දෙන්න.

:       4       2

Sanath Kandy Wednesday, 31 January 2024 11:44 PM

මාලිමාවේ ආණ් ඩුවක් එනකල් මේ නඩු කල් යනවා.

:       0       0

KR Supporter Thursday, 01 February 2024 07:26 AM

කෙහෙළිය දේශප්‍රේමියෙකි. කළු ලැයිස්තුගත ඖෂධ සමාගම්වලින් ඔහු විශාල කොමිස් මුදලක් ලබා ගත්තේය. වෙහෙස මහන්සි වී උපයා ගන්නා මෙම මුදල් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උපකාරී වනු ඇත. ඔහු ඉන්දියාවෙන් ආනයනය නොකර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන කිසිදු ඖෂධීය වටිනාකමක් නොමැති Humanimmunoglobin වර්ගයක් ද ලබා ගත්තේය. ඒකත් කළේ ලංකාවට සල්ලි ඉතුරු කරන්න. කෙහෙළිය ගෞරවයට පාත්‍ර වී පොසිල කොට ලංකාවේ කෞතුකාගාරයට දැමිය යුතුයි.

:       0       3

Kazi Shajahan Thursday, 01 February 2024 07:31 AM

මේ යකා ඒ කාලේ ඉඳන් අපේ බදු මුදල් නාස්ති කරනවා .ඕස්ට්‍රේලියා ගිහිල්ලා කකුල කඩා ගත්තා . රු මිලියන 30 ගියා .ලැජ්ජා නැද්ද මුන්ට

:       0       3

NAMAL Thursday, 01 February 2024 09:30 AM

තොපිටත් සනත් නිශාන්තයා වගේ දරුණු මරණයක් ඇති වෙනකල් මේ රටේ ජනතාව නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ , ඒ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉටුවේවා!!

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site