(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගය කොළඹ දී සංවිධාන කළ විරෝධතාවයට අමානුෂික ලෙස පොලිසිය විසින් පහර දීම තරයේ හෙලා දකින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
තාවකාලිකව පාර්ලිමේන්තුව විසින් පත්කර ගනු ලැබූ ජනාධිපතිවරයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ගේ වගකීම වන්නේ පොලීසිය ජනතාව මර්දනය සඳහා යොදා නොගෙන රට නිවන තැනකට ගෙනගොස් සිහිබුද්ධියෙන් තීරණ ගනු ලබන ජනතාවක් බිහි කිරීම බව රණවක මහතා කීය.
සමගි ජන බලවේගය යනු රටේ විපක්ෂ නායකවරයා නියෝජනය කරන විපක්ෂයේ වැඩිම ආසන සංඛ්‍යාවක් සහිත පාර්ලිමේන්තු පක්ෂය බව කී රණවක මහතා එම පක්ෂයේ උද්ඝෝෂණයකටත් සලකන්නේ මේ ආකාරයට නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් පැන නගින බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි UNP එකේ ඉදලා සජබෙට හැරුණු ආයේ කවදාවත් UNP එකට දෙන්නේ නෑ...!
පැහැදිලිවම වැරැදි සහ අමානුෂික වැඩක්... ආණ්ඩුවට ජනතා පදනමක් නැහැ කියලා දැන දැනත් මේවා කරන්නේ මර්දනය වෙනුවෙන්... දැන් මේක චම්පික රනවක හෙලා දැක්කාට, jvp එක කිසිම ප්‍රකාශයක් කළේ නැහැ. හේතුව ඔවුන්ගේ අයට දෙයක් වුනොත් විතරක් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙන්නේ කියලා හිතන සක්කිලි මනසක jvp එක ඉන්නේ...
අපි දින ගණන් කරකර ඉන්නේ හොරු ගෙදර යවන්න..!
පාඨලී මැතිතුමා හරි. ඒත් උගතෙක්, බුද්ධිමතෙක් වුණත් වරින්වර අදහස් වෙනස්කර එහෙට මෙහෙට පනින නිසා රටේ පාලනය සඳහා නුසුදුසු අයෙක් වෙලා ඉවරයි කියන්න පුළුවන්. කොහොම වුණත් කියන්න ඕනෑ උද්ඝෝෂණ කරද්දී බාධා කිරීමෙනුත්, පහරදීමෙනුත් ඒවා මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් වෙන්නේ රජයට අවාසියක්ම විතරයි (උදාහරණයක් හැටියට චන්ද්‍රිකා දෙවැනි වරට ජයග්‍රහණය කලේ අනුකම්පා ඡන්ද නිසා මිස ජනතා කැමැත්ත මතම නොවෙයි) ජනතාව අනුකම්පාව මත තීරණ ගැනීම කරනවා... මෙම පහරදීම නිසා විපක්ෂයේ නායකට ඉදිරියේ ලොකුම ජයක් ගැනීමට හේතුවක් වෙනවා..
මෑන් භය උනා මටත් වෙන්නේ ඔයටික කියලා.
මෙයා දැන් ඒ පැත්තට අයිති නැද්ද ?
ජවිපෙ හෙලා දැකීම ගැන මොකටද කලබල වෙන්නෙ? සජිත් මැතිවරණයක් ඉල්ලල නේ මේ කලබලය කලේ? කොමසාරිස් දිනයට මැතිවරණය නොතිබ්බොත් බලාගමු ඒකට තව මාස කීපයක් තියෙනව. සජිත්ට බලය ලබාගැනීමේ කඩිකුලප්පුවට ජවිපෙ උදව් මොකටද? දයාරත්නායක ශාන් විජේලාල් වගේ පොහොට්ටු කාරයො අරගෙන ඔය ගමන යන්න, වීරවංශත් ගන්න.ච