(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

යුද්ධයේදී ආබාධිත පොලිස් රණවිරුවන්‍ට ප්‍රතිකාර ගැනීම සඳහා පොලිස් රෝහලේ වෙනම කවුළුවක් විවෘත කිරීමට කටයුතු කරන ලෙසට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ආචාර්ය  සරත් වීරසේකර මහතා  වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස්  දුන්නේය.

යුද්ධයේදී ආබාධිත වු පොලිස් විශ්‍රාමික රණවිරුවන්ට වයස අවුරුදු 55 දක්වා, ගැලපෙන කාලයට උසස් වීම් හා ඊට අදාළ වැටුප් ක්‍රමවේදයක් සකස් කිරීමටද  ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවිය.

ආබාධිත පොලිස් නිලධාරීන්ට බලපාන විශ්‍රාම වැටුප්, අනෙකුත් දීමනා සහ ඔවුන්ගේ සුබසාධක කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලු සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණ.