(ගයාන් සූරියආරච්චි)

නිවසේ ඇති කරන කුකුළන් මස්සිනාගේ නිවෙසකට ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමකදී කුකුළන් ඇතිකළ ලංගම කොන්දොස්තරට පෙරේදා (30) පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි චුන්නාකම් පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ චුන්නාකම් කන්දරොඩේ ප්‍රදේශයේ පදිංචි සන්ද්‍රරාජන් ගෝබි රාජ් නැමැති (37) හැවිරිදි ශ්‍රීලංගම සේවය කරන කොන්දොස්තරවරයකු බව පොලිසිය කියයි.