
(යොහාන් භාසුර සහ මහිෂා සිල්වා)
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලියේදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ එච්. ඩබ්ලිව්. සී. පි. අහේෂිකා මහත්මියගේ ‘මම්ස් ඩිනර්’ හොඳම කෙටි චිත්‍රපටය ලෙස ද, කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලයේ නිශාන් ජයලත් මහතාගේ නිර්මාණය හොඳම චිත්‍රය ලෙස ද, සම්මාන ලැබීය.
රාජ්‍ය සේවකයන්ගේ නිර්මාණශීලී කලා කුසලතා ඇගයීම මෙන්ම නිර්මාණ කාර්ය සඳහා දිරිමත් කිරීමේ අරමුණින් පැවැති මෙම සම්මාන ප්‍රදානය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
එහිදී හොඳම ඡායාරූපයට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආර්.එම්.ඩී.එම් හසන්තිකා මහත්මිය ද, විශිෂ්ටතම නාට්‍යයට ‘නවතිනු’ නාට්‍යය වෙනුවෙන් ප්‍රසන්න ගාමිණී කුමාර සහ ‘කොඩුහල් වර්නම් පුසුහින්රනා’ නාට්‍යය වෙනුවෙන් පී. සිරිලේඛා මහත්මිය ද, සම්මාන ලැබූහ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු පිරිසක් සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වූහ.



2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය සේවක නිර්මාණ සම්මාන