
(අංජුල මහික වීරරත්න)
මෙරට පැවැත්වීමට නියමිත එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිපික් කලාපීය සමුළුවේ සංවිධාන කටයුතු පිරික්සීම සඳහා ආසියා පැසිපික් කලාපීය ප්‍රධාන කාර්යාලයේ නිලධාරීහු පිරිසක් පැමිණියහ.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 ආසියා පැසිපික් කලාපීය සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 19 සිට 22 දක්වා කොළඹ දී පැවැත්වේ.
ආසියා හා පැසිපික් කලාපයේ රටවල් 42ක නියෝජිතයන් 200කට ආසන්න පිරිසක් ද කෘෂිකර්ම අමාත්‍යවරුන් 40 දෙනෙක් ද සමුළුවට සහභාගී වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Qu Dongyu මහතා ඇතුළු ඉහළ නිලධාරී පිරිසක් ද මීට සහභාගී වීමට නියමිතය.
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හා ඉන්පසුව ඇති වු ආර්ථික අර්බුදයෙන් පසුව වැඩිම රාජ්‍ය නියෝජිතයින් පිරිසක් එක්වර සහභාගී වන ජාත්‍යන්තර සමුළුව මෙය බවයි. මෙම වසරේ දී වැඩිම රාජ්‍ය නියෝජිතයින් පිරිසක් සහභාගී වන එකම සමුළුව මෙය බව ද අමරවීර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තවත් එක කයිවාරු කාරයෙක් තමයි. බොරු කයිවාරුව විතරයි වැඩ බෑ...!
මේ සමුළුවට කළින්වත් තෙල්, පෝර කෘෂි ආම්පන්න වලට බදු අඩුකරලා දුන්නා නම්...!
ලන්සා දන්නවද මුන් මොන භාෂාවෙන්ද කතාකලේ කියලා ?