IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපති කැලණි ගිහින් කතාවකුත් කරයි

(අංජුල මහික වීරරත්න)

දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ දී පැවසීය.

තාක්ෂණ යුගයට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇති බවද පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෑම විශ්වවිද්‍යාලයකම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව කීවෙි කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (31) පෙරවරුවේ එක් වෙමිනි.

ජීවිත අරගලය ජය ගැනීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඉතාම වැදගත් වන අතර එම ධර්මය වඩා ගැඹුරින් අධ්‍යයනය කර ලෝකයට ගෙන යාම සඳහා ථෙරවාදි බුදු දහමේ කේන්ද්‍රස්ථානය වන ශ්‍රී ලංකාවට මහඟු වගකීමක් පැවරී තිබෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ථෙරවාදි බුදු දහම පිළිබඳ පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත්, ථෙරවාදි බුදු දහම ලෝකයට ගෙන යාමට මෙන්ම බෞද්ධ රටවල් අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට මෙවැනි බෞද්ධ ආයතනවලට විශාල හැකියාවක් තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ සිසුන්ගේ කැමැත්ත අනුව එහි ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩම සහ රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා ආධාර ලබා දුන් විදේශීය පරිත්‍යාගශීලින්ට සමරු තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

 

 



අදහස් (15)

ජනපති කැලණි ගිහින් කතාවකුත් කරයි

PGIPBS Wednesday, 31 January 2024 04:56 PM

මීට කලියෙන් හාල් මුදලාලි කෙනෙකුත් දේශනයක් දීල අනාගත්ත කියල NEWS එකක් පලවෙලා තිබුණ මතකයි ...

:       3       6

ravin Wednesday, 31 January 2024 05:02 PM

විශාල ශබ්ධයක් එහෙම ඇහුනේ නැද්ද ?

:       0       4

Rata Perata Wednesday, 31 January 2024 06:38 PM

මෙයත් පන්සල් කතා පටන් අරගෙන වගේ... ඕවාට අහුවෙන්න තරම් දැන් මිනිස්සු මෝඩ නැහැ.

:       33       26

Nimal Wednesday, 31 January 2024 06:53 PM

හරිම වීර ක්‍රියාවක්... හැකි නම් ආරක්ෂක අංශ නැතිව පැමිණෙන්න. කොහොම වුණත් පිනට ලැබුණු ඔය තනතුරේ වැජඹෙන්න තව මාස කීයද?

:       46       23

ප්‍රියන්ත Wednesday, 31 January 2024 07:15 PM

ජනවරමක් නැතිව ජනාධිපති වෙච්චි මොහු ඡන්දේ කිට්ටුව ජනතා මුදලින් හදපු දේවල් විවෘත කිරීම ඉතා පිළිකුල් සහගතයි.

:       38       25

සුරංග Thursday, 01 February 2024 06:00 AM

ප්‍රියන්ත කිව්වට නුඹේ කිසිම ප්‍රියක් නැහැ .ජනාධිපතිතුමාට ජන වරමක් නැත්නම් අධිකරණය තියෙනවා .එතනට ගිහිල්ලා නඩුවක් දාලා උඹේ අදහස නිවැරදියි කියලා ඔප්පු කරපංකො යකෝ. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා නීතියක් තියෙනවා .ඒකට අනුව තමයි ජනාධිපති පත්වෙලා ඉන්නෙ මෝඩ කමට බෙහෙත් නැහැ කියන්නෙ ඕකට තමයි

:       5       9

Mahesh Wednesday, 31 January 2024 07:27 PM

කෝ ඊයේ සද්දේ දාපු කට්ටිය...? කාගේ හරි දේශපාලන ඉත්තෝ වෙලා බොරුවට නටනවා. පොලිසියේ අයට වැඩ දෙනවා... රටක් ගොඩඑන්නේ කොහොමද? මොවුන්ට ඕනේ රට අරාජික කරලා මිනිස්සු පීඩාවට පත්කරන්න. ගමෙන් ඉගෙන ගන්න කැම්පස් එන ළමයින්ට ඉගෙන ගන්න දෙන්නේ නෑ. ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතිවල ඉත්තෝ වෙලා...

:       13       50

ගමේ එකාලා Wednesday, 31 January 2024 07:32 PM

පින් ජනපතිට මොනවා කියන්න බැරිද? ජනතාව පිට බදුපිට බදුගහලා බොරු බේගල් කිව්වාට වැඩක් නැහැ...

:       36       24

BalasuriyaWednesday, 31 January 2024 08:01 PM

හැම සැපයක්ම ලැබෙන්නේ පින් නිසා. ඔබතුමාත් දැන් ඉඳලාවත් පින් කරන්න පටන් ගන්න...!

:       6       28

SAHANWednesday, 31 January 2024 08:06 PM

ඔය පින් ජනාධිපති කතාව කියන එක දන්න නිසා තමයි අපේ AKD ඔය වැඩේ බාරගත්තේ නැත්තේ... අපි එන්නේ උඩින්ම එවලා...

:       29       11

සමන් Wednesday, 31 January 2024 08:01 PM

මොනවා වුණත් විශිෂ්ඨ වැඩක්. කාලකන්නි ඡෙප්පෝයි, පෙරෙට්ටෝයි හිතන් ඉන්නේ විශ්ව විද්‍යාල අයගේ අම්මලාගේ, අප්පලාගේ බූදලයක් කියලා. මේ අය තමයි අර ස්ටාලීන් එක්ක රටේ අධ්‍යාපනය වනසන්නේ...!

:       19       48

ස්ටැන්ලි Thursday, 01 February 2024 06:07 AM

හරියට හරි. සමන් ගමේ පාසලේදී පොතපත නොකියවා පැරණි පේපර් උත්තර සමග කටපාඩම් කරල උසස් පෙළ විභාගය ඒ තුනක් ගත්තම ලෝකයෙන්ම උගත්තු අපි කියලා හිතාගෙන ඉන්න ජෙප්පො කුරුට්ටො නිසා රටේ සංවර්ධනය අඩාල වෙනවා .උන්දැලා හිතාගෙන ඉන්නෙ සියලු විශ්ව විද්‍යාල උන්ගෙ භූදලයක් කියලා තමයි ඒක හරියට රාජපක්ෂ පවුලේ උන්ට ලංකාව අයිතියි කියනවා වගේම තමයි

:       2       9

Lal Wednesday, 31 January 2024 11:41 PM

ත්‍රස්තවාදී කඳවුරකට ඇතුළුවී ජෙප්පෝ සමතලා කල ජනාදිපති විරුවට අපේ ප්‍රණාමය

:       2       8

Perera Thursday, 01 February 2024 04:17 AM

කෝ අර ගේට්ටු වහගෙන මහා සද්දයක් දාලා පිනාට එන්න දෙන්නේ නැහැ කියපු එවුන් බුදිද ,මූ ඇවිල්ලා කතාවකුත් කරලා යනකම් ?

:       2       7

chandima Thursday, 01 February 2024 06:44 AM

ඕක එයාට කජ්ජක්ද ?රට ගිහිනුත් කතා පවත්වලා ආවේ.කතාව විතර තමයි .කතාව දෝලාවෙන් ගමන පයින්

:       5       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site