ඕස්ට්‍රේලියා අගමැතිට දෙහි කපයි
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි බීච් මුහුදු වෙරළේ යුදෙව් ආගමික සැමරුම් උත්සවයකට එල්ල වූ වෙඩි ප්‍රහාරය මුල්කොට ගනිමින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්ට දොස් නගා ඇත. ඒ, යුදෙව්වන්ගේ ආරක්ෂාව ගැන සැලකිල්ලක් නොදැක්වූ බව පෙන්වා දෙමිනි.