ස්පේස් එක්ස් රොකට් කැබැල්ලක් සඳට කඩා වැටේ වසරක කාලයක්, අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ‘ස්පේස් එක්ස්’ සමාගමට අයත් ‘ෆෝල්කන් 9’ රොකට්ටුවේ කොටසක් සඳ මතට කඩා වැටුණි. රොකට්ටු කොටස සඳ මතට කඩා වැටීමෙන් කුඩා ප්‍රමාණයේ ආවාටයක් ද නිර්මාණය වූ බව විදෙස් මාධ්‍ය පැවැසීය. 05 August 2026
සිංහ ධේනූ තුනක් මරුට ජපානයේ සත්වෝද්‍යානයක සිංහ ධේනූන් තිදෙනකු අධික උණුසුම දරා ගැනීමට නොහැකිව මියගොස් ඇතැයි ජපන් මාධ්‍ය පවසයි.ජපන් මාධ්‍ය වාර්තා අනුව, සිංහ ධේනූන් මියගොස් ඇත්තේ බටහිර ටෝකියෝවේ ‘තාමා’ නමැති සත්වෝද්‍යානයෙනි. 04 August 2026
නිළි ත්‍රීෂා ගැන නොහොබිනා කතාවක් කළ තමිල්නාඩු විපක්ෂ නායක පොලිසියේ තමිල්නාඩු විපක්ෂ නායක උදයනිධි ස්ටාලින්, පොලිස් අත්ඩංගුවට පත්විය. ඒ, පසුගිය දා පැවැති ජන හමුවකදී, උදයනිධි ස්ටාලින් ජනප්‍රිය නිළි ත්‍රීෂා සම්බන්ධයෙන් කළ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 04 August 2026
රතු කුරුස සාමාජිකයා සූ කී හමුවන්න ගිහිල්ලා මියන්මාරයේ හමුදා රජයේ චෝදනාවලට වරදකාරිය වී, සිරදඬුවම් ලබා මේවනවිට නිවාස අඩස්සියේ පසුවන මියන්මාර ප්රජාතන්ත්ර නායිකා අවුන් සාන් සූ කී හමුවී ඇගේ සුවදුක් විමසා බැලීමට ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ මියන්මාර නියෝජිත අර්නෝඩ් ඩි බැක් කටයුතු කළේය. 04 August 2026
කියුබාව යළිත් අඳුරේ කියුබාවේ ජාතික විදුලිබල පද්ධතිය යළි බිඳ වැටුණි. පසුගිය මාසයේදී සිදුවූ දීපව්‍යාප්ත විදුලි බිඳවැටීම් තුනෙන් පසු, එරටින් වාර්තා වන විශාලතම විදුලි විසන්ධි වීම මෙයයි. 04 August 2026
මොරොක්කෝවේ දිගම අධිවේගය ට්‍රම්ප් නමින් නම් කෙරේ මොරොක්කෝව, එරට දිගම අධිවේගී මාර්ගය, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් නම් කර ඇත. ඒ, ඇමෙරිකන් ජනාධිපතිවරයාට ගෞරව දැක්වීමක් වශයෙනි. 04 August 2026
සාකච්ඡා ඕමානය සමග - ඉරාන නායකත්වය කියයි හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සම්බන්ධයෙන් තමන් සාකච්ඡා පවත්වන්නේ ඇමෙරිකාව සමග නොව, ඕමානය සමග යැයි ඉරානය පවසයි. 04 August 2026
ඉන්දුනීසියා මගී පාරුවක් මුහුද මැදදී ගිනි ගනී ඉන්දුනීසියාවේ මගී පාරුවක ගින්නක් හටගත්තේය. ගින්න හටගනිද්දී මගී පාරුවේ මගීන් 271 දෙනකු සිටි බව පැවැසෙයි. පස් දෙනෙක් ගින්නට බිලිවුණු බවත්, 45 දෙනකු අතුරුදන් බවත් පැවැසෙයි. අතුරුදන් වූයේ මුහුදට පැන දිවි බේරා ගැනීමට උත්සාහ කළ මගීන්ය. 03 August 2026
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු වැඩිම උණුසුම යැයි කාලගුණ විද්‍යාඥයෝ පැවැසූහ. 03 August 2026
ගාසා වැසියෝ 17 ක් මියයති විශේෂ සාම සැලසුමක් ප්‍රකාශයට පත් කර තිබියදී, ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් පලස්තීන වැසියෝ 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 03 August 2026
පළමු වරට ජපානයට ස්වදේශීය බුද්ධි අංශයක් දෙවන ලෝක යුද්ධයෙන් පසු පළමු වරට නව මධ්‍යගත බුද්ධි ආයතනයක් පිහිටුවීමට ජපානය සූදානම් වෙයි. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින දුර්වලතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ජපන් අග්‍රාමාත්‍ය සානායි තකායිචි පැහැදිලි කර ඇත. 03 August 2026
පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් පාකිස්තානයේ ස්වාත් නිම්නයේ පොලිස් ස්ථානයක් ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 22 කි. 03 August 2026
ග්‍රීසියේ ළැව් ගිනි නිවන්න ගිය හෙලිකොප්ටර් දෙකක් අනතුරේ ප්‍රංශයේ, ස්පාඤ්ඤයේ මෙන්, මේ වනවිට ග්‍රීසියේ ද දරුණු ළැව් ගිනි ව්‍යාප්ත වෙමින් පවතී. ග්‍රීසියේ ළැව් ගිනි නිවා දැමීමට යොදා ගත් හෙලිකොප්ටර් යානා දෙකක් උඩු ගුවනේ දී එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවිය. 03 August 2026
ඇමෙරිකාව සමග කිසිදු එකඟතාවක් නෑ - ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් තමන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග කිසිදු එකඟතාවක් ඇති කරගෙන නැතැයි ඉරානය පවසයි. 03 August 2026
ඇල්ජීරියාවේ බසයක් ප්‍රපාතයකට පෙරළෙයි ඇල්ජීරියාවේ අගනුවර වන ඇල්ජියර්ස් නගරයට නැගෙනහිරින් පිහිටි බුමර්ඩෙස් වෙරළබඩ නගරය ආසන්නයේදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 25 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් බොහෝ දෙනකු තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති. 01 August 2026
බලුකිස්තානයේ පතලක පිපිරීමක් පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ගල් අගුරු පතලක පිපිරීමක් සිදුවීමෙන් තිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 10 කි. තවත් පතල් සේවකයන් 15 දෙනකු පිපිරීමෙන් පසු පතල තුළ සිරවුණු බව පැවැසෙයි. 31 July 2026
ඇමෙරිකන් නිලධාරීන්ට වැරදිලා: අප්‍රිකා රටවල් වෙනස් කරලා බ්‍රසීලයේ පැවැති ඒඩ්ස් නිවාරණය සම්බන්ධ සමුළුවකදී, ඊට සහභාගී වූ ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතින් වරදක් සිදුවිය. ඒ වරද සම්බන්ධයෙන් මේ වනවිට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සමාව ඉල්ලා ඇතැයි ද වාර්තා වේ. 31 July 2026
යෝග උපදේශකගෙන් ලෝක වාර්තාවක් ඉන්දීය ජාතික යෝග උපදේශක 38 හැවිරිදි කමාල් කලෝයි, සිය ශ්වසන පාලන හැකියාව සහ ශාරීරික ශක්තිය මැනවින් යොදාගනිමින් ගින්ස් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව සිටී. 31 July 2026
පාකිස්තාන පොලිස් මුරපොළකට ප්‍රහාරයක් පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ පොලිස් මුරපොළකට බෙදුම්වාදී සටන්කාමීන් ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රහාරයෙන් මුරපොළේ සිටි පොලිස් නිලධාරීන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු බවත් පාකිස්තාන මාධ්‍ය පවසයි. 31 July 2026
ගාසාවේ සියලු සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කරනවා පලස්තීනුවන් ජීවත් වන ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් ද ඇතුළු සියලු ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කිරීම සඳහා ‘සාම මණ්ඩලය’ එකඟතාවකට පැමිණි බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 31 July 2026
ස්පාඤ්ඤ ගොඩබිම් තීරුවට අනවසර සංක්රමණිකයෝ කඩා වදිති උතුරු අප්‍රිකා වෙරළ තීරයට ඔබ්බෙන්, මධ්‍යධරණී මුහුදෙන් සහ ජිබ්‍රෝල්ටාර් සමුද්‍ර සන්ධියෙන් වටවුණු ස්පාඤ්ඤයට අයත්, මොරොක්කෝව ආසන්නයේ පිහිටි ‘සෙයුටා’ නමැති කුඩා ගොඩබිම් තීරයට අනවසර සංක්‍රමණිකයන් පිරිසක් කඩා වැදීමත් සමග දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය. 31 July 2026
ප්‍රංශයේ ළැව් ගිනි තවත් දරුණුයි නිරිතදිග ප්‍රංශයේ ජිරොන්ඩේ කලාපය පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ළැව්ගිනි පාලනය කිරීමට ගිනි නිවන භටයෝ 2,200 කට වැඩි පිරිසක් යොදවා ඇති බවත්, ඔවුන් ළැව් ගිනි පාලනය කිරීමට ජලය ඉසින ගුවන් යානා 20 කට වැඩි ගණනක් භාවිතයට ගන්නා බවත් ප්‍රංශ පුවත් සේවා වාර්තා කළේය. 30 July 2026
ඉන්දීය මහකොමසාරිස්වරයා බංග්ලාදේශ විදෙස් ඇමැති හමුවෙයි බංග්ලාදේශයේ ඉන්දියානු මහකොමසාරිස් ලෙස රාජකාරි ආරම්භ කළ දිනේෂ් ත්රිවේදි සහ බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඛලීලුර් රහ්මාන් අතරේ හමුවක් ඩකා අගනුවරදී පැවැත්විණි. 30 July 2026
ඉරාක අගමැති තුර්කියේ සංචාරයක ඉරාක අග්‍රාමාත්‍ය අලි අල්-සායිඩි නිල සංචාරයක් සඳහා තුර්කිය බලා පැමිණියේය. අල්-සායිඩි, ඉරාක අග්‍රාමාත්‍ය ලෙස තුර්කියට පැමිණිපළමු අවස්ථාව මෙයයි. 30 July 2026
මියන්මාර ක්‍රියාකාරීන් 9 දෙනකුට සිරදඬුවම් මියන්මාර හමුදා පාලනයට එරෙහිව ජනතාව උසි ගන්වමින්, මැතිවරණය වර්ජනය කරන්නැයි ජනතාවගෙන් බල කරමින් විරෝධතා පැවැත්වූ සමාජ ක්‍රියාකාරීන් නව දෙනකුට වසර 37 බැගින් සිරදඬුවම් නියම කෙරුණි. 30 July 2026
ඉරානයේ ප්‍රහාරවලට ඇමෙරිකාවෙන් ප්‍රතිචාර ඉරානයේ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින්, ඇමෙරිකාව, ඉරානයේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අයත් ඉලක්ක රැසකට ගුවන් ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාර සියල්ල සාර්ථක වූ බව මැදපෙරදිග ඇමරිකන් හමුදා මෙහෙයුම් බාරව කටයුතු කරන ‘සෙල්ට්රල් කමාන්ඩ්’ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසා ඇත. 30 July 2026
ක්වන්ටාස් ගුවන් සේවය දීර්ඝ ගුවන් ගමන් අරඹයි ඕස්ට්්රලියාව ක්වන්ටාස් ගුවන් සේවය, ලොව දිගම, අඛණ්ඩ ගුවන් ගමන් ආරම්භ කර ඇත. එහි පළමු පියවර ලෙස ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර සිට ප්‍රංශයේ තුලූස් නුවර තෙක් ගුවන් ගමනක් සිදුවිය. 30 July 2026
රුෂ්ඩිට පහර දුන් තරුණයා ෆෙඩරල් අධිකරණය හමුවට ලෝ ප්‍රකට සම්මානනීය ලේඛක සල්මාන් රුෂ්ඩි ට, 2022 වසරේ දී පහර දුන් හදි මටාර් නමැති ඇමෙරිකන් මුස්ලිම් තරුණයා ඇමෙරිකන් ෆෙඩරල් අධිකරණයක් හමුවේ වරදකරු විය. 30 July 2026
ජපාන භූ කම්පාවෙන් 13ක් මරුට ජපානයට ඊයේ බලපෑ රිකටර් මාපක 7.1ක ප්‍රභලත්වයකින් යුත් භූමිකම්පාව හේතුවෙන් මරණ 13ක් වාර්තා වී ඇති බව ජපානය තහවුරු කර තිබේ. සුන්බුන් අතර සිරවූවන් බේරා ගැනීම වෙනුවෙන් තවදුරටත් මෙහෙයුම් සිදුව තිබේ. මෙම භූමිකම්පාව හේතුවෙන් ගොඩනැගිලිවලට දැඩි හානියක් සිදුව තිබේ. ඒසේම විදුලි සම්බන්ධතා බි ඳ වැටීම හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව තිබේ. 29 July 2026
වෙළෙද සංකීර්ණය කඩා වැටී බොහෝ දෙනෙක් සිරවෙලා ජපානයට බලපෑ රික්ටර් පරිමානයේ ඒකක 7.1 ක ප්රබලතාවයක් සටහන් කළ භූමිකම්පාවෙන් පසු වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ලක් දෙදරා ගොස් කඩාවැටී ඇති බවත්, සුන්බුන් අතරේ බොහෝ දෙනකු සිරවී සිටින බවත් වාර්තා වේ. 28 July 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026