
අප්‍රිකාවට අයත්, කොංගෝ රාජ්‍යයේ ව්‍යාප්තවන ඉබෝලා වසංගතය දිනෙන් දින දරුණු වෙමින් පවතින බවත්, මේ වනවිට ඉබෝලා ආසාදිතයන් ගණන 8,000 පසු කර ඇති බවත් එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
කොංගෝ සෞඛ්‍ය බලධාරීන්ට අනුව, ඉබෝලා වයිරසය ආසාදනය වී මරණයට පත්වුණු ගණන 4,000 කි.
කොංගෝවේ ඉබෝලා වසංගත තත්ත්වයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ මැයි 15 වැනිදාය. ලෝක සෞඛ්‍ය සංවිධානය වයිරස ව්‍යාප්තිය කොංගෝවට පමණක් සීමා කිරීමට අවශ්‍ය පියවර අනුගමනය කර ඇත.
ඊට අමතරව, ඉබෝලා හේතුවෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බව පැවැසෙයි. කොංගෝවේ මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින්නේ 'බුන්ඩිබුගියෝ' නමැති ඉබෝලා වයිරස ප්‍රභේදයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd