ඉරානය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොහැකි තත්ත්වයක තමන් සිටින බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඉරානය සමග ගැටී, ඉරානය මුළුමනින්ම විනාශ කර දමනවාද, නැතිනම් ඉරානය සමග පැහැදිලි එකගතාවක් ඇති කර ගන්නවාද යන්න සම්බන්ධයෙන් තමන් තවමත් කල්පනා කරමින් සිටින බව ද ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. ට්‍රම්ප් මෙසේ පැවැසුවේ මාධ්‍යවේදීන් හමුවේය.

ඇමෙරිකාව සමග අර්බුදය අවසන් කිරිමේ අරමුණින්, ඉරානය කොන්දේසි 7 කින් යුත් සාම වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති නමුත්, ට්‍රම්ප් එය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.