‘ෆ්ලයි ඩුබායි’ ගුවන් යානය පැහැර ගැනීමට තැත් කිරීමේ සිද්ධිය පසුපස ඉරානය සිටිනවා යැයි හෝ එම සිද්ධියට ඉරානයේ කිසියම් හෝ සම්බන්ධයක් ඇතැයි හෝ අනාවරණය වුවහොත්, දිගට හරහට පහර දී, ඉරානයට ‘හොඳ පාඩමක් උගන්වනවා’ යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (1) අනතුරු ඇගවීමක් කළේය.

පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ‘ෆ්ලයි ඩුබායි’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයේ සිටි, ඉන්දීය ජාතික ගුවන් නියමුවා වීරයකු බව පවසමින්, ඔහු ඇගයීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පමණක් නොව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද කටයුතු කර ඇත.