
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන 81 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින්, ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දොස් නැගුවේය.
ඒ, ඉරානය සුන්නද්දූලි කරනවා යැයි ට්‍රම්ප් 81 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් කළ අනතුරු ඇගවීමට ප්‍රතිචාර දක්වමිණි.
ඉරානය කිසිදු තර්ජනයකට බියක් නොදක්වන බවත්, බලහත්කාරයෙන් පවත්වන සාකච්ඡාවලට ඉරානය සම්බන්ධ නොවන බවත්, ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් අවධාරණය කළේය. පෙසෙෂ්කියන් යනු ඉරානයේ ජනාධිපති ධුරයට පත්වුණු මධ්‍යස්ථසතධාරියෙකි.
'ඇමෙරිකන් ජනාධිපතිවරයා අප ත්‍රස්තවාදීන් ලෙස හදුන්වනවා. ඒත් අප ත්‍රස්තවාදීන් නොවෙයි. අප ත්‍රස්තවාදීන්ගේ පීඩනයට ලක්වුණු පාර්ශ්වයයි' යැයි ඉරාන ජනාධිපතිවරයා සමුළුව අමතමින් පැහැදිලි කළේය.
කෙසේ නමුත්, මාස හතකට ආසන්න කාලයක් තිස්සේ පවතින යුද්ධය අවසන් කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සඳහා ඉරානය සූදානම් බව ද ඉරාන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd