වෙනිසියුලා භූමිකම්පාවෙන් 50,000 ක් අතුරුදන් වෙනිසියුලාව කැලඹූ ප්‍රබල භූමිකම්පා ද්විත්වයෙන් සහ පසුකම්පනවලින් මියගිය ගණන ඊයේ (1) 2,500 පසු කළේය. තුවාල ලැබූ ගණන 10,000 ට ආසන්න යැයි පැවැසෙයි. ඊට අමතරව, තවත් 50,000 ක් නිවාස සහ ගොඩනැගිලි සුන්බුන් අතරේ සිරවී සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. 02 July 2026
ඇමෙරිකා-ඉරාන සාමකතා යහපත් ඇමෙරිකාවත් ඉරානයත් අතරේ, කටාරයේ දෝහා නුවර පැවැත්වෙන සාකච්ඡා සාර්ථක මාවතකට යොමු වී ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි. 02 July 2026
ඇමෙරිකන් ආධාර ඊශ්‍රායලයට ඕනෑ නෑ ඊශ්‍රායලයේ ආර්ථිකය ශක්තිමත් බවත්, තවදුරටත් ඇමෙරිකාව මත යැවීමට අවශ්‍ය නොවන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි. 01 July 2026
ජපන් අගමැතිනිය ඉන්දියාව බලා එයි ජපන් අග්‍රාමාත්‍ය සානේ ටකයිචී ඉන්දියාව බලා යෑමට ගුවන්ගත විය. ඇය අද (1) නවදිල්ලියට පැමිණෙනු ඇත. මෙය ජපන් අග්‍රාමාත්‍ය ලෙස සානේ ටකයිචී, ඉන්දියාවට පැමිණෙන පළමු අවස්ථාවය. 01 July 2026
ජනපති ට්‍රම්ප් ඉන්දීය සංචාරයකට සූදානම් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ මුලදී ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට ඉඩ ඇතැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මාධ්‍ය හමුවේ පැවැසීය. 01 July 2026
උපකාරක පංතියක වහලය කඩා වැටී සිසුන් 14 ක් මරුට පාකිස්තානයේ ලාහෝර් නුවර පෞද්ගලික උපකාරක පංති පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක වහලක් කඩා වැටීමෙන් සිසුන් 14 දෙනෙක් මියගියහ. 01 July 2026
ශ්‍රේෂ්ඨාධිකරණය ට්‍රම්ප්ගේ විධායක නියෝගය නිෂ්ප්‍රභ කරයි ඇමෙරිකා එක්සත් ජනපදය තුළ උපත ලබන සංක්‍රමණිකයන්ගේ දරුවන්ට, ස්වයංක්‍රීයව හිමිවන පුරවැසි අයිතිය අහෝසි කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කර තිබූ විධායක නියෝගය, එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ. 01 July 2026
ඇමෙරිකාවේ තෙල් සංචිත අඩුවෙලා ඇමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව, එරට උපාය මාර්ගික ඛනිජ තෙල් සංචිතයේ පවතින බොරතෙල් තොග බැරල් මිලියන 5.5කින් පහත වැටී බැරල් මිලියන 325.7ක් දක්වා අඩු වී ඇතැයි පැවැසෙයි. 30 June 2026
වෙනිසියුලාවට පනවා ඇති සම්බාධක ඉවත් කරන්න - චීනය ඇමෙරිකාවේ බලපෑමට අනුව, ලොව ඇතැම් රටවල් වෙනිසියුලාවට පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක ඉවත් කරන්නැයි චීනය ඉල්ලීමක් කර ඇත. 30 June 2026
විරෝධතා හමුවේ සර්බියා ජනාධිපති ඉල්ලා අස්වෙයි සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් ඉල්ලා අස්වීමට තීරණය කළේය. ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් සති කිහිපයකින් ධුරයෙන් ඉල්ලා අස්වන බවය. 30 June 2026
යුක්රේන ප්‍රහාර හමුවේ රුසියාවේ ඉන්ධන අර්බුදයක් යුක්රේනය විසින් එල්ල කරනු ලබන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ රුසියාවේ මොස්කව් නුවර සිට කළු මුහුද දක්වා වූ බලශක්ති පද්ධතියට සහ තෙල් පිරිපහදු මධ්‍යස්ථානවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බැවින්, රැසියාව ඉන්ධන අර්බුදයකට මුහුණ දෙන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 30 June 2026
සාකච්ඡා දින නියමයක් නැතිව කල් යයි ඇමෙරිකා සහ ඉරාන නියෝජිතයන්, කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණත්, එය දින නියමයක් නොමැතිව කල් දැමුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 30 June 2026
ජපන් අගමැතිනිය ඉන්දියාවට යනවා තෙදින නිල සංචාරයක් අරඹමින්, ජපන් අග්‍රාමාත්‍ය සානේ ටකයිචී හෙට (1) ඉන්දියාවට පැමිණීමට නියමිතය. ජපානයත්, ඉන්දියාවත් අතර ද්වීපාර්ශ්වීක සබඳතා තවත් ශක්තිමත් කර ගනිමින්, දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීම ජපන් අග්‍රාමාත්‍යවරියගේ මෙම සංචාරයේ අරමුණ බව පැවැසෙයි. 30 June 2026
චාල්ස් රජු බකිංහැම් මාලිගය අත්හරී වසර 10 ක් පුරාවට බකිංහැම් මාලිගයේ අලුත්වැඩියා කටයුතු අවසන් වීමට නියමිත බවත්, අලුත්වැඩියා අවසන් වීමෙන් පසු තමන් බකිංහැම් මාලිගයේ පදිංචියට නොයෑමට තීරණය කළ බවත් තෙවැනි චාල්ස් රජු පවසයි. 26 June 2026
දකුණු කොරියා හිටපු ජනපති ආර්යාව හිරේ දකුණු කොරියා හිටපු ජනාධිපති යූන් සුක් යූල්ගේ බිරිඳ වන කිම් කියෝන් ට වසර 7ක සිරදඬුවමක් නියම විය. සෝල් අධිකරණයක් ඇයට මෙම සිරදඬුවම නියම කළේ ඇය අල්ලස් ගැනීමේ චෝදනාවකට වරදකාරිය වීමත් සමගය. යූන් සුක් යූල් යනු 2022 සිට 2025 දක්වා දකුණු කොරියාවේ ජනාධිපතිවරයාය. 26 June 2026
වෙනිසියුලා භූමිකම්පාවෙන් මියගිය ගණන 235 ක් වෙනිසියුලාව කැලැඹූ ප්‍රබල භූමිකම්පාවලින් මියගිය ගණන 235 පසු කළේය. තුවාල ලැබූ ගණන 4,300 ක් බව පැවැසිණි. නිවාස සහ ගොඩනැගිලි සිය ගණනක් බිමට සමතලා වී ඇති බවත්, ඒවායේ සුන්බුන් අතරේ තවත් දහස් ගණනක් සිරවී සිටින බවත් පැවැසෙයි. 26 June 2026
ජනපති ට්‍රම්ප් නේටෝ ප්‍රධානියාට දොස් නගයි ඉරානය සමග ගැටුමේ දී, ඇමෙරිකාවට සහාය නොදැක්වීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට දොස් නගා ඇත. ට්‍රම්ප් මෙසේ දොස් නැගුවේ, ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී නේටෝ සංවිධානයේ ප්‍රධානී මාර්ක් රූට් හමුවී සාකච්ඡා කරද්දීය. 25 June 2026
කමේනීගේ අවමංගල්‍යයට මෝදිට ඇරැයුම් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී පහර දී, ඝාතනය කළ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනිගේ අවමංගල්‍යය ඉදිරි දින කීපයේ දී පැවැත්වීමට නියමිත බවත්, ඊට සහභාගී වන්නැයි ඉරාන රජය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ද ඇරැයුම් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 25 June 2026
පාකිස්තාන හමුදාපති මරන්න හදලා ඇමෙරිකා සහ ඉරාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්, ස්විට්සර්ලන්තයේ පැවැති සාමකතා අතරතුරේ, ඊට සහභාගී වුණු පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඝාතනය කිරීමට ඊශ්‍රායලයේ ‘මොසාඩ්’ බුද්ධි අංශ ඒජන්තවරුන් උත්සාහ ගත් බවත්, පාකිස්තාන බුද්ධි අංශ ඒජන්තවරුන් මැදිහත් වී එම උත්සාහය ව්‍යර්ථ කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 25 June 2026
බොර තෙල් මිල පහළට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවත් පහළ ගියේ ඇමෙරිකානු ඩොලර් 70 සීමාවට ආසන්න වෙමිනි. ඒ අනුව, ඩබ්ලිව්ටීඅයි ඉන්ධන බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 70.05ක් ලෙස සටහන් වුණු අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 73.32 ක් යනුවෙනි. 25 June 2026
වෙනිසියුලාවට භූමිකම්පා ප්‍රබල භූමිකම්පා දෙකකින් සහ අතුරු භූමිකම්පා මාලාවකින් ලතින් ඇමෙරිකාවට අයත් වෙනිසියුලාව කැලඹුණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූමිකම්පාවලින් මියගිය ගණන 39 ක් බවත්, 100 කට වැඩි පිරිසක් තුවාල ලබා සිටින බවත්ය. 25 June 2026
ජනපති ට්‍රම්ප්ගේ යුද බලතල කප්පාදු කෙරේ ඉරානය සමග ගැටුම් ඇතිකර ගැනීමෙන් වළකින්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බලපෑම් කරන ආකාරයේ විශේෂ පනත් කෙටුම්පතක් ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ දී සම්මත විය. 24 June 2026
ඉරාන ජනපති පාකිස්තාන අගමැති-හමුදාපති හමුවෙයි පාකිස්තානයේ නිල සංචාරයකට පැමිණි ඉරාන ජනාධිපති මෂූඩ් පෙසෙෂ්කියන්ට පාකිස්තාන රජයෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ඉරාන ජනාධිපතිවරයා පාකිස්තානයට පැමිණියේ, ඇමෙරිකාව සහ ඉරානය පාකිස්තානයේ මැදිහත් වීමෙන් ඇතිකරගත් අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය. 24 June 2026
දැඩි උණුසුම බ්‍රිතාන්‍ය පාසල් වසයි යුරෝපා රටවල් රැසක් දැඩි උණුසුම් කාලගුණයකින් පීඩා විඳින බවත්, දැඩි උණුසුම හේතුවෙන් මහා බ්‍රිතාන්‍යයේ පාසල් සිය ගණනක් වසා දැමීමට එරට අධ්‍යාපන බලධාරීන් තීරණය කළ බවත් මාධ්‍ය වාර්තා කළේය. 24 June 2026
මලයාලම් නළු මමූතිට පද්ම භූෂණ සම්මානය ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන්, විවිධ ක්ෂේත්රවල කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරන ඉන්දියානුවන් ඇගයීමට ලක් කරන, ‘පද්ම’ සම්මාන උළෙල නවදිල්ලියේදී පැවැත්විණි. ඒ, ඉන්දීය ජනාධිපතිනී දෞපදි මුර්මුගේ ප්‍රධානත්වයෙනි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද එම අවස්ථාවට සහභාගී විය. 24 June 2026
ඉරාන ජනපති පාකිස්තානයේ ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන්, පාකිස්තානය බලා ගියේය. ඒ, පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් හමුවී සාකච්ඡා කිරීමේ අරමුණින්ය. 23 June 2026
ඇමෙරිකා රාජ්‍ය ලේකම් මැදපෙරදිග සංචාරයක් අරඹයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මැදපෙරදිග රටවල සංචාරයක නියැලෙයි. ධවල මන්දිරය වාර්තා කළේ රූබියෝ,සෞදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමිරේට්ස්, ඕමාන්, කුවේට් සහ බහරේන් යන රටවල සංචාරය කරන බවය. 23 June 2026
කොංගෝවේ ඉබෝලා රෝගීන් දහස ඉක්මවයි කොංගෝවේ ඉබෝලා උණ වයිරසය ඉතා සීඝ්රයෙන් ව්‍යාප්ත වන බවත්, ඊයේ (22) වෙද්දී, ඉබෝලා ආසාදිතයන් ගණන 1,048 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 23 June 2026
කවුරු ගියත් ලැරී එතැනමයි ලන්ඩන් නුවර අංක 10 ඩවුනිං වීදියේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසින් පසුගිය වසර 10 ක කාලය ඇතුළත නික්ම යන හය වැනි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කීර් ස්ටාර්මර් ය. 23 June 2026
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026