රුසියාවේ මොස්කව් අගනුවර සාරිට්සිනෝ කෞතුකාගාරය කේන්ද්‍රකොට ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බව, ඇමෙරිකන් බුද්ධි අංශ, රුසියාවේ මොස්කව් නුවර පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලය හරහා අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

ලැබුණු විශ්වාසදායක තොරතුරුවලට අනුව, මෙම අනතුරු ඇඟවීම සිදුකර කළ බවත්, මොස්කව් නුවර සිටින ඇමෙරිකන් පුරවැසියන්ට ජනාකීර්ණ ස්ථානවලින් සහ අදාළ කෞතුකාගාර පරිශ්‍රයෙන් බැහැර වී සිටින ලෙසත් ඇමෙරිකන් තානාපති කාර්යාලය වැඩි දුරටත් අනතුරු අඟවා ඇත.

ඇමෙරිකාව ලබා දුන් මෙම හදිසි තොරතුර සම්බන්ධයෙන් රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය වහාම ක්‍රියාත්මක වුණු බව ද පැවැසෙයි. ඇමෙරිකන් ආරක්ෂක අංශ කළ අනතුරු ඇගවීම සැලකිල්ලට ගනිමින්‍, සාරිට්සිනෝ කෞතුකාගාරය තාවකාලිකව වසා දැමීමට රුසියන් බලධාරීහු කටයුතු කළහ.