
යුරෝපීය රටවල් සමග පළුදු වුණු සබඳතා නැවත ගොඩනඟා ගැනීමට ගන්නා ඕනෑම පියවරකට රුසියාවේ සහාය හිමිවනු ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
යුරෝපා රටවල් සමග යුද ගැටුම් ඇති කර ගැනීමේ කිසිදු අවශ්යතාවක් තමන්ට නොමැති බව ද ජනාධිපති පුටින් අවධාරණය කර ඇත. නෝර්වේ සහ ෆින්ලන්ත නායකයන් සමග පැවැත්වූ විශේෂ දුරකතන කතාබහකින් පසුව, මාධ්ය හමුවේ අදහස් දක්වමින් පුටින් මේ බව කියා සිටියේය.
රුසියාව සහ යුරෝපීය රටවල් අතර පවතින රාජ්යතාන්ත්රික නොසන්සුන්තාව පිළිබඳව අදහස් දක්වමින් රුසියානු ජනාධිපතිවරයා පැහැදිලි කළේ, යම් හෙයකින් රුසියාව සහ යුරෝපා රටවල් අතරේ යුද්ධයක් නිර්මාණය වුවහොත්, එයින් කිසිදු පාර්ශ්වයකට ජයග්රහණයක් අත් නොවනු ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd