බ්‍රසීල ජනාධිපතිවරණයෙන් ජය කළ ජනාධිපති ලූලා ද සිල්වාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා ඇත. ඒ, සිය ‘එක්ස්’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සුබ පතමිනි.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, එම සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත්තේ, ඉන්දියාව සහ බ්‍රසීලය අතර පවතින උපායමාර්ගික සහකාරිත්වය තවදුරටත් පුළුල් කිරීමට සහ ශක්තිමත් කිරීමට ජනාධිපති ලූලා සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවය.

දෙරට අතර සබඳතා ඉදිරියටත් තවදුරටත් ශක්තිමත් වනු ඇතැයිද මෝදි මෙහිදී විශ්වාසය පළ කර ඇත.