බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටය, හෙට (25) ආරම්භ වෙයි. ඒ, පළමු වටයෙන් වැඩි ඡන්ද දිනූ වත්මන් ජනාධිපති ලූලා ද සිල්වා සහ බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයකු වන යාර් බොල්සරනෝගේ පුතු ෆැවියෝ බොල්සනාරෝ අතරේය. 

බ්‍රසීල මාධ්‍ය අනාවැකි පළ කර ඇත්තේ, ෆැවියෝගෙන්, ලූලාට ප්‍රබල අභියෝගයක් එල්ල වනු ඇති බවය. ජනාධිපතිවරණයේ පළමුවටය පැවැත්වූයේ මෙම මස 4 වැනිදාය. අපේක්ෂකයෝ කීප දෙනෙක් ඊට ඉදිරිපත් වූ නමුත්, වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේ ෆැවියෝ බොල්සනාරෝ සහ ලූලා ද සිල්වා පමණි.

පළමු වටයෙන් දක්ෂිණාංශික මතධාරී ෆැවියෝ සියයට 47 ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගත් අතර කම්කරු පක්ෂය නියෝජනය කරන 80 හැවිරිදි, වාමාංශික අපේක්ෂක ලූලාට දිනා ගැනීමට හැකිවූයේ සියයට 45 ක ප්‍රතිශතයක් පමණි. 

කිසිවකුටවත් සියයට 50 සීමාව පසු කිරීමට නොහැකි වුණු බැවින්, වැඩි ඡන්ද දිනූ ෆැවියෝ සහ ලුයිස් ඉනාසියෝ ලූලා අතරේ දෙවැනි වටයක් පැවැතිවීමට මැතිවරණ බලධාරීහු තීරණය කළහ.