ජෝර්දානයේ ග්‍රීක ඕතඩොක්ස් දේවස්ථානයක, අවමංගල්‍යයක් පැවැත්වෙද්දී, වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එය ත්‍රස්ත ප්‍රහාරයක් බව ත්‍රස්ත ප්‍රහාරයක් බව අග්‍රාමාත්‍ය ජෆාර් හසන් සහ දෙවන අබ්දුල්ලා රජු පවසා ඇත.

ප්‍රහරයෙන් මියගිය ගණන 7 කි. තුවාල ලැබූ ගණන 40 ක් බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මියගිය සහ තුවාල ලැබූවන් අතරේ කාන්තාවන් සහ කුඩා දරුවන් ද සිටින බව පැවැසෙයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන දිගටම පැවැත්වෙයි. ප්‍රහාරවෙන් පසු අම්මාන් නුවර ඇමෙරිකන් තානාපති කාර්යාලය පවසා ඇත්තේ අම්මාන් නුවර පමණක් නොව, සෙසු ප්‍රධාන නගරවලද ආරක්ෂාව වැඩි කර ඇති බවය.