සමලිංගික අගමැති දරු ප්‍රසූතියට සූදානම් සමලිංගිකයකු වන නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය රොබ් ජෙටන් සහ ඔහුගේ සහකරු ඔවුන්ගේ පළමු දරුවාගේ පැමිණීම අපේක්ෂාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය පවසයි. 21 October 2026
මිලියන 50 ක් වටිනා තිසර පටය ලෝ ප්‍රකට, ‘වික්ටෝරියාස් සීක්රට්’ විලාසිතා දැක්ම පසුගිය 18 වැනිදා රාත්‍රියේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තරයේ කැපී පෙනෙන සරාගී නිරූපිකාවෝ රැසක් විලාසිතා දැක්ම වර්ණවත් කළහ. 21 October 2026
ට්‍රම්ප් සාම නියෝජිතයා යුක්රේන ජනපති හමුවෙයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයන් අතරේ, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී පැවැත්විණි. 21 October 2026
ඉරාන නායකත්වය එක්ක සාම ගිවිසුම් බෑ ඉරානයේ ඉස්ලාමීය නායකත්වය සමග, සමාකතා අසීරු යැයි ඉන්දියාවේ නිල සංචාරයක නියැළෙන ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසයි. 21 October 2026
උතුරු කොරියා නායකයා යහතින් ඉන්නවා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මියගොස් ඇති බවත්, ඔහුගේ දෙවැනියා ලෙස කටයුතු කරන, ඔහුගේ නැගණිය උතුරු කොරියාව පාලනය කරන බවත් සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පළවෙයි. 21 October 2026
ඕස්ට්‍රේලියා මන්ත්‍රීවරියක යට කරලා ඕස්ට්‍රේලියා ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක යටකර ඝාතනය කිරීමට උත්සාහ ගත් අයකු පොලිස් අත්අඩංගුවට පත් විය. ඝාතනය කිරීමට උත්සාහ කර ඇත්තේ හෙලන් හේන්ස් නමැති ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියයි. 20 October 2026
ලතින් ඇමෙරිකාවේ පතලක් කඩා වැටෙයි ලතින් ඇමෙරිකාවට අයත් කොලොම්බියාවේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි නීතිවිරෝධී රන් පතලක් කඩා වැටීමෙන් පතල් සේවකයන් 14 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. 20 October 2026
යේමන හමුදා කඳවුරකට හූති ප්‍රහාරයක් යේමනයේ ෂබ්වා නමැති පළාතේ පිහිටි යේමන රජයේ හමුදා පුහුණු කඳවුරකට ෂියා මුස්ලිම් හූති සටන්කාමීන්ගෙන් බලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් කඳවුරේ සිටි ඇමෙරිකන් සෙබළුන් 18 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. 20 October 2026
ප්‍රංශයේ ප්‍රධාන නගර 3 කට ඇඳිරිය දිනෙන් දින ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගන්නා ආණ්ඩු විරෝධී විරෝධතා පාලනය කිරීමේ අරමුණින් සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ප්‍රංශයේ පැරිස් අගනුවරටත්, ලිල් සහ නීස් යන නගරවලටත් ඇඳිරි නීතිය පැනැවූ බව ප්‍රංශ බලධාරීහු පැවැසූහ. 20 October 2026
චීන-රුසියන් ජනපතිවරුන් හමුවන්න ට්‍රම්ප් සූදානම් වෙයි රුසියන් ජනපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් හවුල් කර ගනිමින් සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වෙයි. ඒ, නොවැම්බර් 18-19 දිනවල චීනයේ පැවැත්වෙන ආර්ථික සහයෝගිතා සමුළුවට සමගාමීවය. 20 October 2026
පූජකතුමා කුරුසියට යටවෙයි ලතින් අප්‍රිකාවට අයත් එක්වදෝරයේ වෙරළාසන්නයේ පිහිටි ගුවායාකිල් නගරයේ දේවස්ථානයක සජීවීව දිව්‍ය පූජාව මෙහෙයවමින් සිටි රෝමානු කතෝලික පූජකවරයකු මතට පිටුපස සවි කර තිබුණු කුරුසිය කඩා වැටුණි. පැට්‍රිසියෝ සංචේස් නමැති පූජකවරයා තුවාල ලබා ජීවිතක්ෂයට පත්විය. 19 October 2026
ළැව් ගින්න කැනඩා සෙබළු 4 ක් බිලිගනී කැනඩාවේ වනාන්තර ප්‍රදේශයක් ආසන්නයේ පිහිටි කැනඩා හමුදාවට අයත් පුහුණු කඳවුරකට ළැව් ගින්නක් පැතිර යෑමෙන්, එම කඳවුරේ සිටි හමුදා සෙබළු සිවු දනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 19 October 2026
වෙනිසියුලා විපක්ෂ නායක ධුරය කොරීනා මචාඩෝට වෙනිසියුලාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී, විපක්ෂ නායිකාව ලෙස පසුගිය 2025 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ කොරීනා මචාඩෝ පත් කර ගැනීමට කටයුතු කර ඇත. 19 October 2026
ප්‍රංශයේ ප්රචණ්ඩ ක්‍රියා සාධාරණීකරණය කරන්න බෑ අධික ජීවන වියදමට එරෙහිව ප්‍රංශය පුරා පැවැත්වෙන විරෝධතා දිනෙන් දින ප්රචණ්ඩ වෙමින් පවතී. කලහකාරී විරෝධතාකරුවන් දේපල හනි සිදු කරන අතර, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අවධාරණය කළේ විරෝධතා අතරතුර සිදුවන ප්රචණ්ඩ ක්‍රියා කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවය. 19 October 2026
පාප්තුමා රෝහලෙන් යයි සිවු දිනක් රෝහල්ගතව සිටි ශුද්ධෝත්තම 16 වැනි ලියෝ පාප්තුමා යළි වතිකානය බලා පැමිණි බවත්, එතුමන් සුපුරුදු පරිදි එතුමන්ගේ රාජකාරිවල නියැලෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 19 October 2026
ටයිගර් ෂෙරොෆ් මරන්න හදලා බොලිවුඩ් තරුවක වන ටයිගර් ෂෙරොෆ් වෙඩි ප්‍රහාරයකින් දිවි ගලවා ගත්තේය. ටයිගර් ෂෙරොෆ්, එම වෙඩි ප්‍රහාරයට ලක්වූයේ මුම්බායි නගරයේ ජූහු පළාතේදීය. 19 October 2026
ටෙස්ලා සමාගමෙන් ‘ඉගිල්ලෙන’ කාර් එකක් විද්‍යා ප්‍රබන්ධ සහ කාටූන් කතාවලට පමණක් සීමා වූ ‘පියාසර කරන මෝටර් රථ’ පිළිබඳ සංකල්පය යථාර්ථයක් කරමින්, ගුවනින් ද යා හැකි විදියේ නව මෝටර් රථයක් ලෝ ප්‍රකට ‘ටෙස්ලා’ සමාගම හඳුන්වා දී ඇත. 16 October 2026
පූට 100 යි රතු පැහැති ටී-ෂර්ටයකින් සැරසුණු, කහ පැහැති සුරතල් වලස් පැටවා නොහඳුනන්නේ කවුරුන්ද? ඔහු නමින් ’’විනී ද පූ’’ ය. කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා කා අතරත් ජනප්‍රිය වූ සහ දිගු ඉතිහාසයකට උරුමකම් කියන මෙම වලස් පැටියා උපත ලබා ඇත්තේ මීට සියවසකට පමණ පෙර, එනම් 1926 වර්ෂයේ කතන්දර පොතක චරිතයක් ලෙසිනි. 16 October 2026
පාප්තුමා රෝහලේ සිට රාජකාරි කරනවා දකුණු පෙණහැල්ලේ ගැටිත්ත ඉවත් කිරීමේ සැත්කමකට ලක් වුණු ශුද්ධෝත්තම ලියෝ පාප්තුමා, තවමත් රෝහලේ සිටින බවත්, ඔහු රෝහලේ සිටඅන්තර් ජාලය ඔස්සේ සහ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සුපුරුදු රාජකාරිවල නියැලෙන බවත් වතිකානය නිවේදනය කළේය. 16 October 2026
ඇමෙරිකා ප්‍රාථමික පාසලක වෙඩි තැබීමකින් 4 ක් මියයති ඇමෙරිකාවේ, ඔරිගන් ජනපදයේ, බෙන්ඩ් නගරයේ, සිල්වර් රේල් ප්‍රාථමික පාසලේ සිදුවුණු වෙඩි තැබීමකින්, කුඩා දරුවන් තිදෙනකු ඇතුළු සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 16 October 2026
යේමන ජනපති මැදුරට හුති මිසයිල ප්‍රහාරයක් යේමනයේ ඒඩන් නුවර අල්-මාෂික් ජනාධිපති මන්දිරයට හූති ෂියා මුස්ලිම් සටන්කාමීහු මිසයිල ප්‍රහාරයක් එල්ල කළහ. එම මිසයිල ප්‍රහාරයෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 16 ක් බව යේමන රජය පවසයි. 16 October 2026
ඇමෙරිකාවේ කුඩා ගුවන් යානයක් කඩා වැටී 6 ක් මරුට ඇමෙරිකාවේ විස්කොන්සින් ජනපදයේ, සිදුවුණු කුඩා සැහැල්ලු ගුවන් යානා අනතුරකින්, එහි ගමන් කරමින් සිටි හය දෙනාම ජීවිතක්ෂයට පත්වූහ. 15 October 2026
චීනය-කොරියාව අතරේ ‘යාලු පාලම’ විවෘත කරයි චීනය සහ උතුරු කොරියාව අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා තවත් වර්ධනය කර ගැනීමේ අරමුණින්, නව පාලමක් විවෘත කෙරුණි. මෙම පාලම විවෘත කෙරුණේ වසර ගණනාවක ප්‍රමාදවීම්වලින් පසුව වීම විශේෂත්වයකි. 15 October 2026
පාකිස්තානයේ පාසලක වහලයක් කඩා වැටී 18 ක් මරුට පාකිස්තානයේ පෙෂාවර් නගරයේ පාසල් ගොඩනැගිල්ලක වහලක් කඩා වැටීමෙන්, 18 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. එම 18 දෙනාගෙන් 17 දෙනකු අවුරුදු 13 ට අඩු පාසල් දරුවන් බවත්, ඉතිරි තැනැත්තා ගුරුවරයකු බවත් පැවැසෙයි. 15 October 2026
මමතා බෙනර්ජී මරන්න හදලා ඉන්දියවේ, බටහිර බෙංගාල ප්‍රාන්තයේ හිටපු මහ ඇමැතිනිය මමතා බෙනර්ජි ඝාතනය කිරීමට ආ කාන්තාවක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පැවැසෙයි. 14 October 2026
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඉන්දීය සංචාරයකට සැරැසෙයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ලබන 17 වැනිදා ඉන්දියාවේ නිල සංචාරයක නියැලීමට නියමිතය. ඒ, ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගනිමින්, බලශක්ති සහයෝගීතා වර්ධනය කර ගැනීමට යැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි 14 October 2026
ග්‍රීසියේ ඇමෙරිකන් තානාපතිට ධුරයෙන් යන්නැයි ට්‍රම්ප් කියයි ග්‍රීසියේ ඇමෙරිකා තානාපතිනිය කිම්බර්ලි ගිල්ෆොයිල්ට වහාම සිය ධුරයෙන් ඉවත් වෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ. 14 October 2026
සෞදි කුමරු ඊශ්‍රායල අගමැතිට ‘බෑ’ කියලා යේමනයේ හූති සටන්කාමීන්ට එරෙහි සටනේ දී සෞදියට සහාය දැක්වීමට තමන් කැමැති යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුන්ට පවසා ඇති නමුත්, සෞදි කුමරු ඊශ්‍රායලයෙන් සහාය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. 14 October 2026
පාප්තුමාගේ ගැටිත්ත පිළිකාවක් යැයි බියක් ශුද්ධෝත්තම, 16 වැනි ලියෝ පාප්තුමන්ගේ දකුණු පෙණහල්ලේ තිබූ කුඩා ගැටිත්ත, ඉවත් කළ බවත්, එම සැත්කම සාර්ථක වූ බවත් වතිකානය නිවේදනය කළේය. 14 October 2026
බ්‍රේකිං බෑඩ් නළු ආර්.ජේ. මයිට් සමුගනී ලොව පුරා පමණක් නොව, මෙරටද අතිශය ජනප්‍රිය වූ ‘බ්‍රේකිං බෑඩ්’ රූපවාහිනී කතා මාලාවට එක් වුණු ආර්.ජේ. මයිට් දිවි ගමන අවසන් කළේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 34 කි. 13 October 2026
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026