සමලිංගිකයකු වන නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය රොබ් ජෙටන් සහ ඔහුගේ සහකරු ඔවුන්ගේ පළමු දරුවාගේ පැමිණීම අපේක්ෂාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය පවසයි.

අග්‍රාමාත්‍ය රොබ් ජෙටන් සහ ඔහුගේ සහකරු මෙම දරු උපත සිදු කර ගනු ලබන්නේ ආදේශක මවක ලෙස සම්බන්ධ කර ගත් තරුණියකගේ සහාය ඇතිවය.

අග්‍රාමාත්‍ය රොබ් ජෙටන් සහ සහකරු, පෞද්ගලික ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ නිවේදනය කර ඇත්තේ, 2027 දී දරුවා පිළිගැනීමට තමන් සහ තම සහකරු බලාපොරොත්තුවෙන් පසුවන බවයි.

සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ආදේඔක මවක වූ කාන්තාවට ස්තුති කිරීමට ද අග්‍රාමාත්‍ය රොබ් ජෙටන් අමතක කළේ නැත.

39 හැවිරිදි රොබ් ජෙටන්, විවාහ වී සිටින්නේ, ආර්ජන්ටිනා ජාතික ජාත්‍යන්තර හොකී ක්‍රීඩක නිකොලස් කීනන් සමගය. දෙදෙනා 2026 ගිම්හානයේදී විවාහ වීමට සැලසුම් කර තිබුණ ද, ජෙටන් අගමැති ධුරයට පත්වීම හේතුවෙන් විවාහ උත්සවය පසුවට කල් දැමුණි.

නෙදර්ලන්ත මහ මැතිවරණයෙන්, රොබ් ජෙටන් සහ ඔහු​ගේ පක්ෂය අනපේක්ෂිත ජයක් වාර්තා කළ අතර, ජෙටන් නෙදර්ලන්ත ඉතිහාසයේ ළාබාලතම අගමැතිවරයා ද වෙයි.