රැජිනගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය, දින 11 ක ශෝක කාලය අවසන් කරමින් අද (19) පැවැත්වීමට නියමිතය. වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට ලබා දුන් කාලය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11 ට අවසන් විය. 19 September 2022
ප්‍රබල භූමිකම්පාවක්: සුනාමි අනතුරු තායිවාන දූපතට ඔබ්බෙන් මුහුදේ රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක් ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවක් හටගෙන තිබේ. භූමි කම්පාවේ ප්‍රබලත්වය සැලකිල්ලට ගනිමින් සුනාමි අනතුරු ඇගවීම් ද නිකුත් කෙරුණි. 18 September 2022
චීනයෙන් වදුරු උණ රෝගියෙක් චීනයෙන් ද වදුරු උණ හෙවත් මංකිපොක්ස් ආසාදිතයකු වාර්තා වෙයි. 18 September 2022
ලන්ඩනයට විශේෂ ආරක්ෂාවක් දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවමංගල කටයුතු හෙට (19) දිනයේ පැවැත්වෙන අතර, ඒ වෙනුවෙන්, වෙස්ට්මිනිස්ටර් දෙව්මැදුර කේන්ද්‍රකොට ගනිමින් දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනු ඇත. 18 September 2022
චාල්ස් රජු ලෝක නායකයන් හමුවෙයි දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවමංගල්‍යයට සහභාගීවීම සඳහා ලන්ඩනට පැමිණි ලෝක නායකයන් පිළිගැනීමට තෙවැනි චාල්ස් රජු කටයුතු කළේය. 18 September 2022
චීටා ආයෙත් ඉන්දියාවට වසර 70 කට පසු ඉන්දියාවේ ජාතික වනෝද්‍යානවලට යළිත් වරක් චීටා සතුන් හඳුන්වාදීමට ඉන්දීය රජය සහ එරට වනජීවී නිලධාරීන් තීරණය කර තිබේ. 18 September 2022
හැකි ඉක්මනින්ම යුද්ධය නවත්වනවා - පුටින් යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට පවසා ඇත. 18 September 2022
රැජිනට සමු දෙන්න ඩේවිඩ් බෙකම් පැය 13 ක් පෝලිමේ එංගලන්ත පා පන්දු සුපිරි තරුව ඩේවිඩ් බෙකම්, දෙවැනි එලිසබත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීය. ඒ පැය 13 ක් තිස්සේ පෝලිමක රැඳී සිටීමෙන් පසුවය. 17 September 2022
අඟහරු මතුපිට ජීවය තිබුණු බවට සාක්ෂි හමුවෙලා අඟහරු ගවේෂණය කරන නාසා ආයතනයේ ’පර්සිවියරන්ස්’ රොබෝ යානයට අඟහරු මතුපිට ජීවටය පැවැති බවට සාක්ෂි හමුවී ඇත. ඒ, වසර දහස් ගණනක් තිස්සේ සිඳී ගිය ඩෙල්ටාවක පස් පරීක්ෂා කරද්දී ක්ෂුද්රජීවීන් සිටි බවට තොරතුරු හමුවීමත් සමඟය. 17 September 2022
ඇමෙරිකන් මාධ්‍ය මෝදි ගැන හොඳ කියයි ඇමෙරිකාවේ ප්‍රධාන පුවත් නාළිකා සියල්ල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැසැසුමට ලක් කර තිබේ. ඒ, උස්බෙකිස්තානයේ සමර්කාන්ද් අගනුවර ෂැංග්හායි ආර්ථික සහයෝගීතා සමුළුවේදී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුණ ගැසීම සම්බන්ධයෙනි. 17 September 2022
රැජිනට ගෞරව දක්වන්න චීන නියෝජිතයනට අවසර නෑ දෙවැනි එලිසබත් රැජිනට අවසන් ගෞරව දැක්වීමට, ලන්ඩනයට ගිය චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් කණ්ඩායමට තහංචි පැනැවීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කටයුතු කිරීමත් සමඟ බ්‍රිතාන්‍ය සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය විය. 17 September 2022
චිනයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක් චීනයේ චැන්ෂා නගරයේ පිහිටි දැවැන්ත මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇතැයි විදෙස් මාදය වාර්තා කරයි. මෙම ගොඩනැගිල්ල මහල් 42 කින් සමන්විත වන අතර ගින්න ඉතා වේගයෙන් පැතිර ගොස් ඇතැයි ද පැවැසෙයි. 16 September 2022
පුටින්-ජින්පින් හමුවෙති උස්බෙකිස්තානනයේ සමර්කාන්ද් අගනුවර, ෂැංග්හායි සහයෝගීතා සමුළුවට සහභාගී වූ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් පැවැත්විණි. 16 September 2022
රැජිනගේ අවමංගල්‍යයට රුසියාවට ඇරැයුමක් නෑ දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවමංගල්‍යයට ඇරැයුම් නොකිරීම සම්බන්ධයෙන් රුසියාව, බ්‍රිතාන්‍යයට රජයට දොස් නගයි. 16 September 2022
ඉන්දියාවත් රුසියාවත් අතර මිතුදම් අලුත් වෙයි උස්බෙකිස්තානයේ සමර්කාන්ද් අගනුවර නුවර පැවැත්වෙන ෂැංග්හායි සහයෝගීතා සමුළුවට සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් පැවැත්විණි. 16 September 2022
රුසියාවෙන් පාකිස්තානයට ගෑස් නළ මාර්ගයක් රුසියාවේ සිට පාකිස්තානයට ගෑස් නළ මාර්ගයක් විවෘත කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර තිබේ. 16 September 2022
රුජින වෙනුවෙන් උතුරු කොරියාවටත් ඇරැයුම් රැජිනගේ අවමංගල්‍යය ලබන 19 වැනිදා ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරේ පැවැත් වීමට නියමිත අතර නියෝජිතයකු ඒ සඳහා සහභාගී කරවන්නැයි බ්‍රිතාන්‍ය රජය උතුරු කොරියාවට දන්වා තිබේ. 15 September 2022
රැජිනට ගෞරව දක්වන්න කිලෝ මීටර් ගණන් පෝළිම් ස්කොට්ලන්තයේ සිට එංගලන්තයේ ලන්ඩන් අගනුවරට රැගන ආ දෙවැනි එලිසබත් මහ රුජිනගේ දේහය, මේ වනවිට වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර, රැජිනට අවසන් ගෞරව දැක්වීමට පැමිණි පිරිස් අව්ව වැස්සප නොතකා කිලෝ මීටර් 4 කට වඩා වැඩි පෝළිම්වල රැඳී සිටිති. 15 September 2022
‘කොවිඩ්’ වසංගතය අවසන් වෙන්නයි යන්නේ අලුතින් ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තවීම සීඝ්රයෙන් අඩුවෙමින් පවතින බවත්, ‘කොවිඩ් 19’ වසංගතයේ අවසානයට අප පැමිණ සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හොම් ගෙබි්රයේසිස් කියයි. 15 September 2022
ජගත් සංවිධානය අමතන්න යුක්රේන ජනපතිට අවසර ඇමෙරිකාව් නිව්යෝක් නුවර ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආමන්ත්‍රණය කිරීමට අවස්ථාවක් ලබා දෙන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඉල්ලීමක් කර තිබේ. 15 September 2022
රිය අනතුරකින් යුක්රේන ජනාධිපතිට තුවාලයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රිය අනතුරකින් තුවාල ලැබුවේය. යුක්රේන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තත්ත්වය බරපතල නොවන බවය. 15 September 2022
රැජිනට ගෞරව කළ කාන්තාව දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය එංගලන්තයේ ලන්ඩන් නුවරට ගෙන ඒමට පෙර, එය ස්කොට්ලන්තයේ ශාන්ත ගයිල්ස් දේවස්ථානයේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබියදී, ඊට අවසන් ගෞරව දැක්වීමට ප්‍රථමයෙන් අවස්ථාව ලැබුණේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවකට යැයි පැවැසෙයි. 14 September 2022
අසර්බයිජානය ආමේනියාව ගැටේ අසර්බයිජානය සහ ආමේනියාව අතර දේශසීමා ගැටුම් ඇවිලෙමින් පවතින බවත්, අසර්බයිජාන හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් ආමේනියානු සොල්දාදුවන් 45 දෙනකු මියගිය බවත් වාර්තා වේ. 14 September 2022
රැජිනගේ දේහය බකිංහැම් මාලිගයට ස්කොට්ලන්තයේ සිට එංගලන්තයේ ලන්ඩන් නුවරට රැගෙන ආ දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය, ඇගේ පුතු තෙවැනි චාල්ස් රජු සහ රජ පවුලේ සාමාජිකයන් විසින් බාරගනු ලැබූ අතර, මේ වනවිට එය මහජන ගෞරවය සඳහා බකිංහැම් මාලිගයේ තැන්පත් කර තිබේ. 14 September 2022
මෝදි-පුටින් ජින්පින් හමුවක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් හෙට (15) සහ අනිද්දා (16) දෙදින පැවැත්වෙයි. හමුව පැවැත්වෙන්නේ උස්බෙකිස්තානයේය. 13 September 2022
යුක්රේනයේ කොරෝනා වැඩිවීමක් යුද ගැටුම් මැද, ලබන ඔක්තෝබර් මාසය වනවිට යුක්රේනයේ ‘කොවිඩ් 19’ වසංගතයේ ඉහළ යෑමක් සිදුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් අනතුරු අඟවයි. 13 September 2022
සිඩ්නි වැසියන්ට දින 3 ක් තිස්සේ වතුර නෑ ඕස්ටේ්රලියාවේ සිඩ්නි නුවර ප්‍රදේශ කීපයක ජල සැපැයුම අඩපණ වී ඇති බවත්, එම ප්‍රදේශවල වැසියන් තෙදිනක් තිස්සේ ජලය නොමැතිව පීඩාවට පත් වී සිටින බවත් වාර්තා වේ. 13 September 2022
ඇමෙරිකාවෙනුත් නාසික එන්නතක් ‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය අඩපණ කිරීමේ අරමුණින්, ඇමෙරිකාව ද නාසික එන්නතක් නිපදවා ඇත. මෙම එන්නත නිපදවා ඇත්තේ නාසයට ඉසින දියරයක් ලෙසය. 13 September 2022
රැජිනගේ රුව ඉවත් කෙරේ අභාවප්‍රාප්ත වූ දෙවැනි එලිසබත් මහ රුජිනගේ රුව, බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටු, පවුමේ කාසි සහ මුද්දරවලින් ඉවත් කෙරෙන බවත්, ඒ වෙනුවට තෙවැනි චාල්ස් රජුගේ රුව ඒවාට ඇතුළත් කෙරන බවත් එංගලන්ත මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 13 September 2022
ප්‍රදේශ කීපයක් යළි යුක්රේන හමුදා අතේ දකුණු සහ නැගෙනහිර යුක්රේනයේ ප්‍රදේශ කීපයක්ම රුසියන් හමුදා ග්රහණයෙන් මුදා හැනීමට තම හමුදා සමත් වී ඇති බවත්, එය විශාල ජයග්‍රහණයක් බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී කියයි. 12 September 2022
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026