
බ්‍රසීල ජනාධිපති ලෙස යළිත් වරක් දිවුරුම් දීමට සූදානමින් සිටින ලූලා ද සිල්වා, අමරණීය පාපන්දු තරුව පේලේ වෙනුවෙන් සොව පළ කළේය.
82 හැවිරිදි පේලේ උදර පිළිකාවකින් පීඩා වින්දේය. ඔහු දිවියෙන් සමුගනිද්දී, බ්‍රසීලයේ සාඕ පාවුලෝ නුවර ‘ඇල්බට් අයින්ස්ටයින්’ රෝහලේ ප්‍රතිකාර ලබන්න විය.
පේලේ රෝහල්ගත කෙරුණේ පසුගිය නොවැම්බරයේය. ඔහුගේ තත්ත්වය දිනෙන් දින අසාධ්‍ය වන බව වෛද්‍යවරුන් පවසා තිබුණි. පේලේ අවසන් සුසුම් හෙලුවේ පවුලේ සාමාජිකයන් ඔහු අසල සිටිද්දීය.
ලූලා ද සිල්වා බ්‍රසීල ජනාධිපති ලෙස හෙට (31) දිනයේ දිවුරුම් දීමට නියමිතව සිටී.
‘අංක 10 න් ක්‍රීඩා කළ පේලේ සැබැවින්ම අපූරු ක්‍රීඩකයෙක්. අපූරු මිනිසෙක්. ඔහුට සමාන කළ හැකි තවත් කෙනකු නැහැ. එවැනි කෙනෙකු ලොව බිහි වන්නේත් නැහැ. බ්‍රසීල නාමය ලොව බැබලුණේ පේලේ නිසයි. පේලේ, ඔබට ස්තුතියි’ යැයි පේලේගේ අභාවය වෙනුවෙන් සොව පළ කරමින් ලූලා ද සිල්වා පවසා තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd