
චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ වීඩියෝ කාන්ෂණය ඔස්සේ හමුවක් පැවැත්විණි.
එම වීඩියෝ හමුවේ දී පුටින්, රුසියාවේ මොස්කව් බලා පැමිණෙන්නැයි චීන ජනාධිපතිවරයාට ඇරැයුම් කළේය. චීන ජනාධිපතිවරයා නිහතමානීව එය පිළිගත්තේය.
ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් අනතුරුව, ජාත්‍යන්තර කටයුතුවලදී රුසියාව සහ චීනය එක්ව කටයුතු කළ යුතු යැයි ජනාධිපති පුටින් කළ යෝජනාවට ජනාධිපති ජින්පින් කැමැත්ත පළ කළේය.
කොන්දේසි විරහිතව රුසියාවට සහාය දීමට තමන් ඕනෑම වේලාවක සුදානම් බව චීන ජනාධිපති ජින්පින් රුසියන් ජනපතිට පවසා ඇත.
යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා කෙරුණි.
යුක්රේන අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් සාමකාමීව විසඳා ගැනීම කළ යුතු බව චීනයේ ස්ථාවරයයි.
මේ අතර චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකිනෙකාට සමීප වීම ඇමෙරිකාවේ කනස්සල්ලට හේතුවක් වී තිබේ.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවයි චීනයයි කොටවන්න දාහක් උප්පරවැට්ටි දියත් කරලා තියන මේ වෙලාවේ මේ හමුවීම. මේ රටවල් දෙකට සුබ අනාගතයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.