චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ වීඩියෝ කාන්ෂණය ඔස්සේ හමුවක් පැවැත්විණි.
එම වීඩියෝ හමුවේ දී පුටින්, රුසියාවේ මොස්කව් බලා පැමිණෙන්නැයි චීන ජනාධිපතිවරයාට ඇරැයුම් කළේය. චීන ජනාධිපතිවරයා නිහතමානීව එය පිළිගත්තේය.
ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් අනතුරුව, ජාත්‍යන්තර කටයුතුවලදී රුසියාව සහ චීනය එක්ව කටයුතු කළ යුතු යැයි ජනාධිපති පුටින් කළ යෝජනාවට ජනාධිපති ජින්පින් කැමැත්ත පළ කළේය.
කොන්දේසි විරහිතව රුසියාවට සහාය දීමට තමන් ඕනෑම වේලාවක සුදානම් බව චීන ජනාධිපති ජින්පින් රුසියන් ජනපතිට පවසා ඇත.
යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා කෙරුණි.
යුක්රේන අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් සාමකාමීව විසඳා ගැනීම කළ යුතු බව චීනයේ ස්ථාවරයයි.
මේ අතර චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකිනෙකාට සමීප වීම ඇමෙරිකාවේ කනස්සල්ලට හේතුවක් වී තිබේ.
(අල් ජසීරා)
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
චීන ජනපතිට පුටින්ගෙන් ඇරැයුමක්
ganegoda Saturday, 31 December 2022 04:20 PM
රුසියාවයි චීනයයි කොටවන්න දාහක් උප්පරවැට්ටි දියත් කරලා තියන මේ වෙලාවේ මේ හමුවීම. මේ රටවල් දෙකට සුබ අනාගතයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.