
ඉන්දියාවේ ‘මැරියොන් බයෝටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගමේ කැස්ස සමනයට ලබා දෙන සිරප් පානය කළ දරුවන් 18 දෙනකු මියගොස් ඇතැයි උස්බෙකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.
උස්බෙකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව. මෙම දරුවන්ට ලබා දී ඇත්තේ ‘ඩොක් 1 මැක්ස්’ නමැති සිරප් වර්ගයයි. මෙම සිරප් වර්ගය උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කරන ඔසුවකි.
කෙසේ නමුත් මියගිය දරුවන්ගෙන් ඇතැමුන් වෛද්‍ය නිර්දේශ අනුව ද ඇතැමුන් ඔසුසැල්වලින් ද මෙම සිරප් වර්ගය ලබා ගෙන ඇති බව උස්බෙකිස්තාන සෞඛ්‍ය අංශ කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත. ‘ඩොක් 1 මැක්ස්’ සිරප් වර්ගයේ එතිලීන් ග්ලයිකෝල් විෂ සංඝටක තිබී හමුවුණු බව ද උස්බෙකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය චෝදනා කර තිබේ.
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd