
පසුගිය ඔක්තෝබර් ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ බ්‍රසීල ජනාධිපති යාර් බොල්සරානෝ ඇමෙරිකාවට ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
බොල්සරානෝ ඇමෙරිකාව බලා ගියේ අද (31) එරට නව ජනාධිපති ලෙස ඔක්තෝබර් ජනාධිපතිවරණයෙන් තියුණු ජයක් හිමිකරගත් ලූලා ද සිල්වාගේ දිවුරුම් දීම සිදුවන බැවිනි.
බ්‍රසීල මාධ්‍ය වාර්තා කළේ අන්ත දක්ෂිණාංශික මතධාරියකු වන බොල්සරානෝ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය බලා ගිය බවය.
ඔක්තෝබරයේ මැතිවරණ පරාජය බොල්සරානෝ පිළිගත්තේ නැත. මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීමට ඔහු අධිකරණයේ පිහිට පැතුවේය.
බ්‍රසීලයේ හමුදා කුමන්ත්‍රණයක් ද සැලැසුම් කළේ යැයි බොල්සරානෝට චෝදනා එල්ල වී තිබේ.
'තමන් සටන පරාජය වුණා. ඒත් යුද්ධය පරාජය වුණේ නැහැ' යනුවෙන් බොල්සරානෝ සිය ආධාරකරුවන්ට පවසා තිබේ.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd