බයිඩන්ගේ බල්ලා ධවල මන්දිරයෙන් ඉවත් කෙරේ ධවල මන්දිරයේ ජනපති ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් රැසක් සපා කෑ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ‘කොමාන්ඩර්’ නමැති ජර්මන් ෂෙපර්ඩ් බලු සුරතලා ධවල මන්දිරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. 06 October 2023
රුසියාව න්‍යෂ්ටික බලැති මිසයිලයක් හදලා න්‍යෂ්ටික බලැති කෲස් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට හැකි වුණු බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 06 October 2023
රුසියන් ප්‍රහාරයකින් යුක්රේන වැසියෝ 51 ක් මරුට ගිණිකොනදිග යුක්රේනයේ කාර්කිව් පළාතේ, රෝසා නමැති කුඩා ගම්මානයට රුසියන් හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රහාරයෙන් අට හැවිරිදි දරුවකු ද ඇතුළු යුක්රේන වැසියන් 51 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් මාධ්‍ය වාර්තා කරයි. 06 October 2023
මෝදි ඉතාමත් බුද්ධිමත් පරිණත ලෝක නායකයෙක් ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි ඉතාමත් බුද්ධිමත්, පරිණත ලෝක නායකයකු යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ. රුසියන් ජනාධිපතිවරයා මෙසේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට ප්‍රශංසා කරමින් ඔහුගේ ගුණ වර්ණනා කර ඇත්තේ රුසියන් මාධ්‍ය හමුවේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. 05 October 2023
අල්ලා ගත් උණ්ඩ මිලියනයක් යුක්රේනයට දීලා යේමනය බලා යත්‍රා කරමින් තිබුණු ඉරාන නැවක් වටලා සෝදිසි කිරීමේ දී භාරයට ගත් උණ්ඩ මිලියන 1.1 ක්, ඇමෙරිකන් රජය යුක්රේනයට ලබා දී තිබේ. 05 October 2023
ඉන්දියාවේ සික්කිම් ප්‍රාන්තයට මහ වැසි ඊසානදිග ඉන්දියාවේ සික්කිම් ප්‍රාන්තයට මහ වැසි ඇද හැලෙයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මහ වැසි හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 10 දෙනකු මියගොස් 83 දෙනකු අතුරුදන් බවය. 05 October 2023
රුසියන් මාධ්‍යවේදිනියට වසර 8 ක සිරදඬුවමක් රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ අවස්ථාවේදී ප්‍රසිද්ධියේ ඊට විරෝධය දැක්වූ රුසියන් මාධ්‍යවේදිනී මරීනා ඔමිසෙනිකෝවාට අට වසරක් සහ මාස 5 ක සිර දඬුවම් නියම වී තිබේ. 05 October 2023
රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකුට මෙම වසරේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය, විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය. 04 October 2023
හදි හූනියම් කරනවැයි සීෂෙල්ස් විපක්ෂ නායකයාට චෝදනා හදි හූනියම් සහ අනවින කොඩිවින කරනවා යැයි සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ විපක්ෂ නායකයාට චෝදනා එල්ල වී ඇත. විපක්ෂ නායක පැට්රික් හර්මයිනී එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු පවසන්නේ දේශපාලන ප්‍රතිවාදීන් තමන්ට මඩ ගැසීමට උත්සාහ ගන්නා බවය. 04 October 2023
තායිලන්තයේ වෙඩි තැබීමක් තායිලන්තයේ බැංකොක් අගනුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන දෙකකි. වෙඩි තැබීම කළේ 14 හැවිරිදි ගැටවරයෙකි. පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් බව පැවැසෙයි. 04 October 2023
ඇමෙරිකන් කතානායක ධුරයෙන් නෙරපයි ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කතානායක රිපබ්ලිකන් පාක්ෂික කෙවින් මැකාතිට සිය ධුරය අහිමි විය. ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සෙසු රිපබ්ලිකන් සාමාජිකයන්, මැකාති කතා නායක ධුරයෙන් ඉවත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවෙන් මැකාති පරාජය වූ බැවිනි. 04 October 2023
භෞතික විද්‍යා නොබෙල් තෑග්ග විද්‍යාඥයන් තිදෙනකුට මෙම වසරේ භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය. 03 October 2023
ඉන්දියාවේ රෝහලක පැය 24 කදී මරණ 24 ක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රජයේ රෝහලක පැය 24 ක් ඇතුළත එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 24 දෙනකු මියගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. 03 October 2023
මැලේරියා එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මැලේරියාවට එරෙහිව තවත් ප්‍රතිශක්තිකරණ එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබේ. මැලේරියාව මර්දනයට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දුන් දෙවැනි එන්නත ලෙස මෙය සැලකෙයි. 03 October 2023
අධික උණුසුමෙන් ඇමසන් ඩොල්ෆින්ලා 120 ක් මැරිලා ලොව දුර්ලභ සත්ව විශේෂයක් ලෙස සැලකෙන ඇමසන් නදියට පමණක් ආවේණික රෝස පැහැති ඇමසන් ඩොල්ෆින් මසුන් 120 දෙනකුග් සිරුරු බ්‍රසීලය හරහා ගලා බසින ඇමසන් නදියේ පාවෙමින් තිබියදී හමුවී ඇත. 03 October 2023
ඇමෙරිකන් කතානායක ධුරයෙන් නෙරපන්න හදයි ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක කෙවින් මැකාති එම ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව මාධ්‍ය වාර්තා කරයි. 03 October 2023
ට්‍රම්ප් අධිකරණය හමුවට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි සිවිල් නඩුව නිව්යෝක් අධිකරණය හමුවේ ආරම්භ වූ අතර, ට්‍රම්ප් සිය පුතුන් දෙදෙනා ද සමඟ අධිකරණය හමුවේ පෙනී සිටියේය. 03 October 2023
බංග්ලාදේශයේ ඩෙංගු දරුණුයි බංග්ලාදේශයේ ඩෙංගු ව්‍යාප්තිය ඉතා දරුණු බවත්, මෙම 2023 වසරේ මේ වනවිට, ඩෙංගු රෝගීන් 1,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් වාර්තා වේ. 03 October 2023
විශ්වයේ ඈත යෝධ අබිරහස් ග්‍රහලෝක තරුවක් වටා ගමන් නොකරන, බෘහස්පති ග්‍රහයා තරම් අති විශාල, ග්‍රහලෝක කීපයක් ඈත විශ්වයේ පාවෙමින් පවතින බව නාසා ආයතනයේ විද්‍යාඥයෝ පවසති. 03 October 2023
වෛද්‍ය විද්‍යා නොබෙල් තෑග්ග ‘කොවිඞ් 19’ එන්නත හැදූ විද්‍යාඥයන්ට වෛද්‍ය විද්‍යාව සඳහා හිමිවන නොබෙල් ත්‍යාගය, ‘කොවිඞ් 19’ වයිරසය සාර්ථකව මර්දනය කිරීමට එන්නත් නිපදවීමට දායකත්වය ලබා දුන් විද්‍යාඥයන් දෙදෙනෙකු වන හංගේරියානු ඇමෙරිකන් විද්‍යාඥ කැටලීන් කරීකෝ සහ ඇමෙරිකන් විද්‍යාඥ ඩෲ වයිස්මන් අතරේ බෙදී ගියේය. 02 October 2023
චීනයෙන් ඉන්දුනීසියාවට අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක් චීන මූල්‍ය ආධාර යටතේ ඉන්දුනීසියාවේ අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ විය. ඉන්දුනීසියාවේ අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ වුණු පළමු අවස්ථාවෙ මෙයයි. 02 October 2023
එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් නගොර්නෝ-කරබාක් පළාතට අසර්බයිජාන හමුදා ප්‍රහාර හමුවේ ‘නගොර්නෝ කරබාක්’ පළාතෙන් පලා යන දහස් ගණනක් ආමේනියානු වාර්ගික වැසියන්ට අවශ්‍ය සහාය සහ ආරක්ෂාව ලබා දීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ඉදිරිපත් වී සිටී. 02 October 2023
ස්පාඤ්ඤ සමාජ ශාලාවක ගින්නක් ගිනිකොනදිග ස්පාඤ්ඤයේ මුර්සියා නගරයේ අටලයාස් ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් 13 දෙනකු මියගිය බවත්, 14 දෙනකු අතුරුදන් බවත් ස්පාඤ්ඤ බලධාරීහු පැවැසූහ. 02 October 2023
මෙක්සිකෝ දේවස්ථානයක වහලය කඩා වැටී 49 ක් රෝහලේ මෙක්සිකෝවේ දේවස්ථානයක වහලය කඩා වැටීමෙන් 45 දෙනක් තුවාල ලැබූහ. තුවාල ලැබූ පිරිස කඩිනමින් රෝහල්ගත කළ බවත්, ඔවුන්ගෙන් කිහිපදෙනකුගේ තත්ත්වය බරපතල බවත් පැවැසෙයි. 02 October 2023
අනවසර සංක්‍රමණිකයන් 10 ක් මරුට අනවසර සංක්‍රමණිකයන් පටවා ගත් ට්‍රස් රථයක්, දකුණු මෙක්සිකෝවේ දී පෙරැළී අනතුරට පත් වීමෙන්, සංක්‍රමණිකයන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. අනතුරට පත් වෙද්දී ට්‍රක් රියේ සැඟවී ගමන් කළ සංක්‍රමණිකයන් ගණන 25 කි. 02 October 2023
මැතිවරණයට ඔන්න මෙන්න: නවසීලන්ත අගමැතිට ‘කොවිඩ්’ නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හොල්කින්ස් ට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇත. නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණය තව සති දෙකකින් පැවැත්වෙන අතර, හොප්කින්ස් ආසාදිතයකු ලෙස හඳුනා ගැනීම සිදුවූයේ මැතිවරණ කටයුතුවල නියැලෙමින් සිටිද්දීය. 02 October 2023
තුර්කියේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් ප්‍රහාරය සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු පැමිණ ඇත. එක් බෝම්බකරුවකු තුර්කි අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය ඉදිරියේ සිය බෝම්බ කබාය පුපුරුවා ගත් බව පැවැසෙයි. 01 October 2023
ඇමෙරිකන් රජය පවත්වාගෙන යන්න අරමුදල් අනුමත කරගනී අරමුදල් අනුමත කර ගැනීමට නොහැකිව, ඇමෙරිකා රජය අකර්මණ්‍ය වීමේ අවදානමක් පැවැති නමුත්, තවත් දින 45 ක් සඳහා රජයේ කටයුතු පැවැති අයුරින් කරගෙන යෑමට ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලයේ ඩිමොක්රටික් පාක්ෂිකයක් සහ රිපබ්ලිකන් පාක්ෂිකයන් අතරේ තාවකාලික එකඟත්වයක් ඇතිකර ගැනුණි. 01 October 2023
නාසා ‘සයිකී’ ගවේෂණ මෙහෙයුම කල් යයි සෞරගඟ මණ්ඩලයේ වටිනාම දේ ලෙස තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ ඇති, ‘සයිකී 16’ Psyche නමැති ග්රහකය ගවේෂණයට ඇමෙරිකාවේ නාසා ආයතනය රොබෝ යානයක් යැවීමට සූදානමින් සිටියත්, එය ලබන ඔක්තෝබර් 12 වැනිදා තෙක් කල් දැමුණු බව පැවැසෙයි. 01 October 2023
ඉන්දියාවේ ඇෆ්ගන් තානාපති කාර්යාලය වසා දැමෙයි ඉන්දියාවේ නවදිල්ලි අගනුවර තම තානාපති කාර්යාලය වසා දැමීමට තීරණය කළ බව ඇෆ්ගන් තලේබාන් රජය පවසයි. 01 October 2023
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026