පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ ගම්මානයකට ඉරානය මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.
ඉරාන විප්ලවීය හමුදාව සහ බුද්ධි අංශය පවසා ඇත්තේ මිසයිල ප්‍රහාරය එල්ල කළේ ඉරානයේ සතුරන් ලෙස සැලකෙන බලුකිස්තානයේ ක්‍රියාත්මක ‘බලුචි’ බෙදුම්වාදී සටන්කාමීන් ඉලක්ක කරගෙන බවය.
මිසයිල ප්‍රහාරයෙන් මියගිය පිරිස අතරේ කුඩා දරුවන් දෙදෙනකු සිටින බවත් තවත් දරුවන් තිදෙනකු තුවාල ලැබූ බවත් විදෙස් මාධය වාර්තා කළේය. මිසයිල ප්‍රහාරයට අමතරව, ඩ්‍රෝන යානා යොදා ගනිමින් ද ප්‍රහාරයක් එල්ල විය.
ඉරානයට, පාකිස්තානය ද මායිම් වෙයි. ‘බලුචි’ බෙදුම්වාදී සටන්කාමීන්, ඉරාන පාකිස්තාන දේශසීමාවේ, ඉරාන සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් පහර දෙයි. ඉරානය, ‘බලුචි’ බෙදුම්වාදීන් ඉලක්ක කරගනිමින් ප්‍රතිප්‍රහාර එල්ල කළේ එම ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමිණි.
පාකිස්තාන රජය පවසා ඇත්තේ, ඉරානය එල්ල කළ එම ප්‍රහාරය එරට ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමක් බවය. ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තාන රජය, ඉරාන රජයට සිය අප්‍රසාදය පළ කර ඇත.
ඉරානය එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයෙන් බලුකිස්තාන සටන්කාමීන් මියගිය බව, බලුකිස්තාන බලධාරීන් කිසිවක් පවසා නැත.
ඉරාන විප්ලවීය හමුදාව, බලුකිස්තාන බෙදුම්වාදීන් ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ, සිරියාවේත් සහ ඉරාකයේත් සතුරු ඉලක්කවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවය.
ඉරාන බුද්ධි අංශ තොරතුරු අනුව, ඉරාන හමුදාව, ඉරාකයේ කුර්දිස්තාන පළාතේ ගොඩනැගිල්ලකට පහර දුන්නේ එම ගොඩනැගිල්ලේ ඊශ්‍රායල මොසාඩ් බුද්ධි අංශ ඒජන්තවරුන්ගේ කඳවුරක් පැවැති බැවිනි. කුර්දිස්තානය යනු කුර්දිවරුන් ජීවත් වන, ඉරාකයට අයත් වෙනම පාලන ප්‍රදේශයකි.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉරානයෙන් පාකිස්තානයට මිසයල ප්‍රහාරයක්