බ්‍රිතාන්‍ය අගමැති ඊශ්‍රායලයට එනවා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හෙරොග් හමුවීමට බලාපොරොත්තු වන බවත් විදෙස් මාධ්‍ය පවසයි. 19 October 2023
ගාසා තීරයේ මරණ 3,487 ක් ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය පලස්තීන සිවිල් වැසියන් ගණන මේ වනවිට 3,487 තෙක් ඉහළ ගොස් ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් තුවාල ලැබූ පලස්තීනුවන් ගණන 12,065 කි. 19 October 2023
ගාසා වැසියන්ට මානුෂීය ආධාර ලැබෙනවා - බයිඩන් ඊශ්‍රායල ගැටුම් හේතුවෙන් විපතට පත්වුණු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ඊජිප්තුව හරහා කඩිනමින් මානුෂීය ආධාර ලැබෙනු ඇති බව ඊශ්‍රායලයට ගොස් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ. 19 October 2023
රෝහලට පහර දුන්නේ හමාස් සටන්කාමීන් - බයිඩන් ගාසා රෝහලට එල්ල වූයේ ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් නොව, ඊශ්‍රායලය සමඟ සටන් වදින හමාස් සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාරයක් යැයි ඇමෙරික් ජනාධිපති ජෝ බයිඩන් ද අවධාරණය කර තිබේ. 19 October 2023
බයිඩන් ඊශ්‍රායලයට එයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට පැමිණියේය. බයිඩන් පිලිගැනීමට ටෙල් අවීව් නුවර බෙන් ගුරියොන් ගුවන්තොටුපොළට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැමිණ සිටියේය. 18 October 2023
පුටින්-ජින්පින් හමුවෙති චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන එක් තීරයක් එක් මාවතක් සමුලුවට සමගාමීව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජිං පින් අතරේ හමුවක් පැවැත්විණි. 18 October 2023
ලෙබනනයට යන්න එපා: ඇමෙරිකානුවන්ට අනතුරු ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ ඇරැඹි යුද ගැටුම්, දකුණු දිග ලෙබනනයටත් පැතිර ගොස් ඇති බැවින්, ලෙබනනයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රැසක් ඔවුන්ගේ වැසියන්ට අනතුරු අඟවා තිබේ. 18 October 2023
හමාස් සටන්කාමීන් ප්‍රාණඇපකරුවන් මරනවා ගාසා තීරයේ අල් ආහිල් රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් පලස්තීන සිවිල් වැසියන් 500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී අල්ලාගෙන, ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින විදේශිකයන් ඝාතනය කිරීමට පටන්ගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. 18 October 2023
ගාසා වැසියන් ඝාතනය වහා නවත්වන්න – ඉරානය ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර වහා නවත්වන්නැයි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක් කළේය. 18 October 2023
බයිඩන්ගේ ජෝර්දාන සමුළුව අවලංගුයි ඊශ්‍රායල හමාස් අර්බුදය ඔඩුදුවද්දී මැදපෙරදිග බලා පැමිණෙන ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක් ජෝර්දානයේ දී පැවැත්වීමට නියමිත වුවත්, ජෝර්දානයේ අබ්දුල්ලා රජු එම සමුළුව අවලංගු කර ඇත. 18 October 2023
රෝහලට පහර දුන්නේ නෑ - ඊශ්‍රායලය ගාසා තීරයේ අල් ආහිල් රෝහලට තමන් පහර නොදුන් බවත්, රෝහලට පහර දුන්නේ හමාස් සටන්කාමීන් බවත් ඊශ්‍රායලය පවසා තිබේ. 18 October 2023
ගාසා රෝහලකට බෝම්බ ප්‍රහාරයක්: 500 ක් මරුට ගාසා තීරයේ අල් ආහිල් රෝහලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන සිවිල් වැසියෝ 500 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් සිය ගණනක් තුවාල ලැබූ බව පැවැසෙයි. 18 October 2023
සමලිංගික විවාහයට අවසර ඉල්ලූ පෙත්සම් ඉවතට සමරිසි විවාහ සඳහා අනුමැතිය ඉල්ලමින් ඉදිරිපත් කළ පෙත්සම් ඉවත දැමීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 17 October 2023
අයි.එස්. ත්‍රස්තයෙක් බ්‍රසල්ස් නුවර යකා නටයි බෙල්ජියාමේ බ්‍රසල්ස් නුවර, ස්වීඩන පාපන්දු ලෝලීන් පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. වෙඩි තැබීම කළේ අයි.එස්. ත්‍රස්ත කල්ලිය සාමාජිකයකු යැයි පැවැසෙයි. 17 October 2023
රුසියන් ජනපති පුටින් චීනයේ චීනයේ මැදිහත් ‘එක් තීරයක් එක් මාවතක්’ ජාත්‍යන්තර සහයෝගීතා සමුළුව චීනයේ බෙයිජීං අගනුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වෙයි. 17 October 2023
ඇමෙරිකා ජනපති බයිඩන් ඊශ්‍රායලයට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හෙට (18) ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. බයිඩන් ඊශ්‍රායලයට පැමිණෙන්නේ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව යුද වදින ඊශ්‍රායලයට ඇමෙරිකාවේ සහාය නොඅඩුව හිමිවන බව පෙන්වමිනි. 17 October 2023
250 ක් හමාස් ග්‍රහණයේ හමාස් සංවිධානයේ ‘ක්වසාම්’ බලඇණිය පවසා ඇත්තේ ඔවුන්ගේ ග්‍රහණයේ ඊශ්‍රායලයෙන් අල්ලා ගත් 250 ක පිරිසක් සිටින බවය. 17 October 2023
රුසියන් ජනපති පුටින් ඊශ්‍රායල අගමැති අමතයි ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ආරම්භ වුණු යුද ගැටුම් අවසන් කරමින් දේශපාලන විසඳුමකට යෑමට තමන් සහාය ලබා දීමට සුදානම් යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ. 17 October 2023
ඊශ්‍රායල - හමාස් සටන් විරාමයක් ? ගාසා තීරය සහ ඊජිප්තුව අතරේ ඇති ‘රෆා’ දේශසීමාව පැය කීපයකට පමණක් විවෘත කරමින්, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලා යමින් සිටින පලස්තීනුවන්ට ඊජිප්තුවට ඇතුළුවීමට අවසර දීමට ඊශ්‍රායල රජය කැමැත්ත පළ කර තිබේ. 16 October 2023
දකුණු ගාසා තීරයට ජලය දෙනවා - ඊශ්‍රායලය දකුණු ගාසා තීරයට යළි ජලය ලබා දීමට තීරණ කළේ යැයි ඊශ්‍රායලය පවසයි. ඊශ්‍රායල බලශක්ති අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසා ඇත්තේ, ගාසා තීරයේ උතුරු කොටසේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දකුණු කොටසේ සිවිල් වැසියන් රැසක් රැඳී සිටිම පිළිබඳ අවධානය යොමුකරමින් මෙම පියවර ගත් බවය. 16 October 2023
ඉක්වදෝරයේ ජනපති තරුණ ව්‍යාපාරිකයෙක් ලතින් ඇමෙරිකාවට අයත් ඉක්වදෝරයේ ජනාධිපතිවරණය පසුගිය සෙනසුරාදා (14) පැවැත්වුණු අතර එයින් ජයග්‍රහණය කළේ 35 හැවිරිදි ව්‍යාපාරික ඩැනියෙල් නොබෝවා ය. ඉක්වදෝරයේ ජනාධිපති ධුරයට පත්වුණු ළාබාලතම තැනැත්තා වන්නේ ද නොබෝවාය. 16 October 2023
හමාස් සංවිධානය කියන්නේ පලස්තීනය නොවේ - අබ්බාස් ගාසා තීරයේ හමාස් සංවිධානය, සමස්ත පලස්තීනය නියෝජනය නොකරන බව පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමද් අබ්බාස් අවධාරණය කර තිබේ. 16 October 2023
ගාසා තීරය අත්පත් කරගැනීම වරදක් වේවි - බයිඩන් ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායල රජය ගත් තීරණයට තමන් සහාය දෙන නමුත්, ගාසා සටන්කාමීන්ට පහර දෙන මුවාවෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ පළාත් අත්පත් කර ගැනීමට උත්සාහ ගන්නේ නම්, එය ‘බරපතල වරදක් වේවි’ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 16 October 2023
ඇමෙරිකන් යුද නැවක් ඊශ්‍රායලයේ සහායට යයි ඊශ්‍රයාලයට දිගින් දිගටම සහාය දෙන බව පවසමින්, තවත් යුද නෞකාවක් ඊශ්‍රායලයට අසල මධ්‍යධරණී මුහුදට යැවීමට ඇමෙරිකාව පියවර ගෙන තිබේ. 15 October 2023
අගමැති නෙදන්යාහු සටන් බිමට ඊශ්‍රායල හමුදා දකුණු දෙසින් දේශසීමා හරහා ගාසා තීරයට පහර දීම ආරම්භ කරද්දී, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ද වෙඩි නොවදින කබායකින් සැරැසී, දේශසිමාවේ සිටි එම සෙබළුන් හමුවීමට ගියේය. 15 October 2023
නවසීලන්තයට නව රජයක් නවසීලන්ත මහ මැතිවරණය අද (14) පැවැත්වුණු අතර බලයේ සිටි කම්කරු පක්ෂයට බලය අහමි විය. 14 October 2023
‘සයිකී 16’ ගවේෂණයට යානයක් යයි සෞරග්‍රහ මණ්ඩලයේ වටිනාම දේ ලෙස තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ ඇති, ‘සයිකී 16’ Psyche නමැති ග්රහකය ගවේෂණයට ඇමෙරිකාවේ නාසා ආයතනය ඊයේ (12) රොබෝ යානයක් පිටත් කර හැරියේය. 14 October 2023
ගාසා තීරයේ උතුරු කොටසේ මෙහෙයුම් ඇරැඹේ ගාසා තීරයේ උතුරු කොටසේ පදිංචි පලස්තීනුවන් මිලියන 1.1 ක පිරිසට වහා එම කොටසින් ඉවත් වන්නැයි නියෝග කළ ඊශ්‍රායල හමුදාව, පැය 24 ගෙවී යෑමටත් පෙර සිටම ගාසා තීරයේ උතුරු කොටසේ වැටලීම් ආරම්භ කර තිබේ. 14 October 2023
හමාස් සටන්කාමීන්ට ආයුධ දුන්නේ කොරියාව ගාසා තීරයේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන්, ඊශ්‍රායලයට පහර දීමට යොදා ගන්නේ උතුරු කොරියාවෙන් ඔවුන්ට ලැබුණු අවි ආයුධවලින් යැයි ඇමෙරිකාව චෝදනා කරයි. 13 October 2023
උගන්ඩාවේ ජනජීවිතයට ධනාත්මක බලපෑමක් කළ “තීරයක් සහ මාවතක්“ 2019 වසරේ මැයි මාසයේ දී උගන්ඩාවේ කරුමා හී ආරම්භ කෙරුණ හයිඩ්‍රෝ විදුලි බලාගාරයේ කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර, එය පද්ධතියට එක් කරමින් විදුලි උත්පාදන කටයුතු සිදු වෙමින් පවතියි 13 October 2023
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026