IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ඉරාන විදේශ ඇමැති පාකිස්තානයේ

පළුදු වුණු හිතවත්කම් යළි අලුත් කර ගනිමින්, ඉරාන විදේශ ආමාත්‍ය හුසේන් අමීර් අබ්දොල්හියාන්, පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට පැමිණියේය. ඉස්ලාමාබාද් අගනුවරට ආ ඉරාන විදේශ අමාත්‍යවරයා පිළිගනු ලැබුවේ පාකිස්තාන විදේශ අමාත්‍ය ජලීල් අබ්බාස් විසිනි.

ඉරානයත් පාකිස්තානයත් එක ළඟ පිහිටි රටවල්ය. රටවල් දෙක මායිම් වන්නේ මැදිව පිහිටා ඇති බලුකිස්තානයෙනි. බලුකිස්තානයේ එක් කොටසක් ඉරානයටත්, අනෙක් කොටස පාකිස්තානයටත් අයත් වෙයි. ඉරානයත් පාකිස්තානයත් අතරේ මිසයිල හුවමාරු වී ගැටුම්කාරී තත්වයක් නිර්මාණය විය.

පළමුවෙන් පහර දුන්නේ ඉරානයයි. ඉරානය පාකිස්තාන බලුකිස්තානයේ සටන්කාමීන්ට පහර දුන් අතර, ඊට ප්‍රතිචාර දක්වමින්, පාකිස්තානය බලුකිස්තානයේ ඉරානයට අයත් ප්‍රදේශයට පහර දුන්නේය.

ඉරානය පාකිස්තාන බලුකිස්තානයට පහර දුන් අවස්ථාවේ, පාකිස්තාන රජය ඉරානයට විරෝධය පාමින්, එරට ඉරාන තානාපතිවරයා පවා නෙරපා දැමීය.

කෙසේ නමුත් සාකච්ඡාවලින් පසු ගැටුම් නැවැත්වීමට පාකිස්තානයත්, ඉරානයත් එකඟවිය. පළුදු වුණු සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට පාකිස්තානයට ආ ඉරාන විදේශ අමාත්‍යවරයාට හැකිවුණු බව පැවැසෙයි. ඉරාන විදේශ අමාත්‍යවරයා පාකිස්තාන භාරකාර අග්‍රාමාත්‍ය අන්වාර් උල් හක් හමුවී සාකච්ඡා පැවැත්වූ බව ද පැවැසිණි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉරාන විදේශ ඇමැති පාකිස්තානයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site