
දකුණු කෙරියාව සමඟ සියලු සබඳතා අවසන් බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසයි.
තව දුරටත් දකුණු කොරියාව සමඟ එක්සත්ව කටයුතු කළ නොහැකි බවත්, උතුරු කොරියාවේ ප්‍රධාන සතුරා දකුණු කොරියාව බවත් නායක කිම් ජොන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
නායක කිම් ජොන් උන් මේ බව පැහැදිලි කළේ, දකුණු කොරියාව සමඟ සබඳතා පැවැත් වූ සියලුම රාජ්‍ය ආයතන වසා දැමීමට නියෝග කරමිණි.
දකුණු කොරියාව සමඟ ඕනෑම අවස්ථාවක යුද වැදීමට උතුරු කොරියාව සූදානම් බවත්, එසේ යුද වැදීමට උතුරු කොරියාව කිසිම අවස්ථාවක පසුබට නොවන බවත් නායක කිම් ජොන් උන් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.
උතුරු සහ දකුණු කොරියාව යනු එකම රාජ්‍යයකි. එය රටවල් දෙකක් ලෙස දෙකඩ වූයේ 1953 කොරියානු යුද්ධයෙන් පසුවය. දෙරටේම සිටින්නේ එකම ජාතියයි. 1953 යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු කොරියාව හෝ දකුණු කොරියාව හෝ මෙතෙක් සාම ගිවිසුමක් අත්සන් කර නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd