
දකුණු කෙරියාව සමඟ සියලු සබඳතා අවසන් බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසයි.
තව දුරටත් දකුණු කොරියාව සමඟ එක්සත්ව කටයුතු කළ නොහැකි බවත්, උතුරු කොරියාවේ ප්‍රධාන සතුරා දකුණු කොරියාව බවත් නායක කිම් ජොන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
නායක කිම් ජොන් උන් මේ බව පැහැදිලි කළේ, දකුණු කොරියාව සමඟ සබඳතා පැවැත් වූ සියලුම රාජ්‍ය ආයතන වසා දැමීමට නියෝග කරමිණි.
දකුණු කොරියාව සමඟ ඕනෑම අවස්ථාවක යුද වැදීමට උතුරු කොරියාව සූදානම් බවත්, එසේ යුද වැදීමට උතුරු කොරියාව කිසිම අවස්ථාවක පසුබට නොවන බවත් නායක කිම් ජොන් උන් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.
උතුරු සහ දකුණු කොරියාව යනු එකම රාජ්‍යයකි. එය රටවල් දෙකක් ලෙස දෙකඩ වූයේ 1953 කොරියානු යුද්ධයෙන් පසුවය. දෙරටේම සිටින්නේ එකම ජාතියයි. 1953 යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු කොරියාව හෝ දකුණු කොරියාව හෝ මෙතෙක් සාම ගිවිසුමක් අත්සන් කර නැත.
2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු දකුණු කොරියා ඇයිහොඳයිකම් අවසන්