
ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරු, 10 වැනි ෆෙඞ්රික් රජු ලෙස කිරුළු පැලදුවේය. කිරුළු පැලඳිමේ උත්සවය ඉතා චාමෙට, කෝපන්හේගන් අගනුවර ක්‍රිස්ටියැන්ස්බර්ග් රජ මාලිගයේ දී සිදුවිය.
ෆෙඞ්රික් රජුගේ කිරුළු පැලඳීම සිදුවූයේ ඇගේ මව, 83 හැවිරිදි මාග්‍රෙත් රැජින කිරුළ අත්හැරීමටත්, එය පුතුට දීමටත් පියවර ගැනීමත් සමඟය.
ඩෙන්මාර්ක රජ පරම්පරාවේ, ස්වේච්ඡාවෙන් කිරුළ අත්හැරීමට රාජකීයයකු පියවර ගත්තේ වසර 900 කින් පසුවය. මාග්‍රෙත් රැජින කිරුළ අත්හැරියේ වසර 52 ක් තිස්සේ එය දරා සිටීමෙන් ද පසුවය.
55 හැවිරිදි ෆෙඞ්රික් රජුගේ බිරිඳ 51 හැවිරිදි මේරි, ඩෙන්මාර්ක රැජින බවට පත් විය. ඔටුන්න හිමි කුමරුන් බවට පත් වූයේ යුවලගේ වැඩිමල් පුතු 18 හැවිරිදි ක්‍රිස්ටියන්ය. මේරි, විවාහ වීමට පෙර, ඔස්ටේ්‍රලියානු ජාතික කාන්තාවකි. ඇය නීතීඥවරියක ලෙස කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd