
ඉන්ධන මිල සියයට 500 කින් ඉහළ දැමීමට කියුබානු රජය තීරණය කර තිබේ. එළැඹෙන පෙබරවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල මෙසේ ඉහළ දැමෙන බව කියුබානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
අයවැය හිඟය අඩු කිරීමේ එක් පියවරක් ලෙස මෙම තීරණය ගැනීමට සිදුවුණු බවත්, ඉන්ධන මිලට අමතරව විදුලි ගාස්තු ද සියයට 25කින් ඉහළ දැමීමට සිදුවන බවත් කියුබානු රජය එරට ජනතාවට පැහැදිලි කර තිබේ.
මිලියන 11ක ජනගහනයක් වෙසෙන, ඇමෙරිකන් සම්බාධකවලින් ද පීඩාවට පත්වුණු කියුබාව, 1990 වසරට පසුව දරුණුතම ආර්ථික අර්බුදයට මේ වන විට මුහුණ දෙමින් සිටින බව ජගත් ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
කියුබාවේ උද්ධමනය ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ආර්ථික විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ, ඉන්ධන මිල සියයට 500 කින් ඉහළ දැමීමෙන්, උද්ධමනය තවදුරටත් උග්‍ර වනු ඇති බවය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජෙප්පන්ගේ මව් රට නේද ?... රතු තරුව යවමුද උදව් කරන්න..
ජාජබ වන්දනාකරුවන් මෙවැනි පුවත් කියවා තම සමාජවාදී සිහින අත් හැර දැමිය යුතු නොවේ...!
ඔන්න IMF, ලෝක බැංකු වලට වඩා...!
රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලියේ කට්ටියට තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලය පේන්නේ නැහැ. කස්ත්‍රෝෙග් ඇහේ තියෙන රොඩ්ඩ ගැන හොයන්න දඟලනවා ඇරෙන්න.
ෆිදෙල් කස්ත්‍රෝ, රාවුල් කස්ත්‍රෝ ඇතුළු එම පවුලේ සාමාජිකයින් විසින් කියුබාව ආර්ථික වශයෙන් වනසා දැමු බවට ජේවීපී පන්නයේ තියරියක් හදන්න බැරිද? මෙහේ ඉන්න ආර්ථික ඔස්තාර්ලාට...?
තිත්ත ඇත්තනම් මොන ආර්ථික සම්බාධක තිබුණත් ස්වධෛර්යයෙන් නැගුණු රටකට ඊනියා සංවර්ධනය දෙසට නැඹුරු වීමේ ප්‍රතිඵලයක්... 1960 හා 1970 දශකයේ හා අද ශ්‍රී ලංකාව..?
කියුබාව දෙස බලන්න කියලා මේ මෑතකදී කවුදෝ ජේවීපී පඬි රුවනක් කියනවා වගේ මතකයි. මොනර විලාසයෙන් රඟන පනිට්ටු ජෙප්පන්ට කෙසේවෙතත් සාමාන්‍ය මිනිසුන්ට නම් ඒ විහිළු මතකයි...!
රනිල් වැඩිකළ 300%, බලන්න රනිල් කොච්චර හොඳ නායකයෙක්ද කියලා...?
ඔන්න කාංචනට හොඳ මාර්‍තෘකාවක් ලැබුණා. උඩ පැන පැන තලන්න..
අපි දේශපාලන පක්ෂවලට මඩ ගගහා ඉමු. අපි දන්නේ නැහැ අපේ කොච්චර ගුණයකින් මිල වැඩිවෙලාද කියලා. අපේ රට වේගයෙන් දූශිත අප්‍රිකානු රටක් බවට පත්වේගෙන එන්නේ... අපි හැමෝම එකතුවෙලා ඒ අවධානම අඳුනාගෙන එය නවත්වන්නට හරියට ඡන්දය භාවිතා කළයුතුයි. නැත්නම් අපිටත් කියුබාව වෙන්න වැඩිකල් ගතවෙන්නේ නෑ...!
ඕවා කියන්න එපා ජෙප්පන්ගේ හිත් රිදෙනවා. ජෙප්පෝ ලංකාවත් තවත් කුබාවක් කරන්න හදන්නේ?
කාංචන මේක දැන ගත්තොත් මල කෙලියයි .ආයෙත් මිල නග්ගයිද දන්නේ නැහැ