
නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් වයඹදිග කොලොම්බියාවේ ගම්මානයක් නාය ගියේය. නායයෑමට හසුවීමෙන් කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළු 33 දෙනෙකු පණ පිටින් වැළලුණු බව කොලොම්බියා අග්‍රාමාත්‍ය ෆ්‍රැන්සියා මාර්කේස් පවසා ඇත.
නායයෑමට ලක්වූයේ චොකෝ පළාතේ ගම්මානයකි. සහන සේවකයන් සහ හමුදා නිලධාරීන් පස් තට්ටු යට සිරවුණු පිරිස් මුදා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවත් අයහපත් කාලගුණය දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් වී ඇති බවත් අග්‍රාමාත්‍ය ෆ්‍රැන්සියා මාර්කේස් වැඩි දුරටත් පවසා තිබේ. කොලොම්බියාව ලතින් ඇමෙරිකා රාජ්‍යයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd